හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට
එරෙහිව ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයින් පිරිසක් අද (03) විරෝධතාවක නිරත විය.
එම පිරිස අත්තනගල්ල හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිට දී වත්මන් ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනට සහ එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකරට එරෙහිව එම විරෝධතාව සංවිධානය කර තිබිණ.
විරෝධතාකරුවන් විසින් නිදහස් පක්ෂ සභාපතිවරයා සහ ලේකම්වරයාගේ ඡායාරූප වෙතට පොල් ගැසීමට ද කටයුතු කළේය.
View the embedded image gallery online at:
http://theleader.lk/news/14475-2022-12-03-19-17-33#sigProIdb6f2beff37
http://theleader.lk/news/14475-2022-12-03-19-17-33#sigProIdb6f2beff37