theleaderlk 01

මේ මස 31 වෙනිදා වයස 60 සම්පූර්ණ වන රජයේ නිලධාරීන් කිසිවකුටත් සේවා දීර්ඝ ලබා නොදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රධාන එහි ප්‍රධානීන් දැඩි

ස්ථාවරයක සිටින බව වාර්තා වේ.


මේ වසරේ දෙසැම්බර් මස 31 වැනි දා වයස 60 සම්පූර්ණ වන පාර්ලිමේන්තුවේ නිලධාරීහු 27 දෙනෙක් සේවා දීර්ඝයක් ලබා ගැනීමට මේ දිනවල ලොකු පරිශ්‍රමයක යෙදී සිටිති.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසුවේ සීමිත පිරිසකට සේවා දීර්ඝයක් ලබා දුනහොත්  මුළු රාජ්‍ය සේවයම අවුලෙන් අවුලට යෑම වැළැක්විය නොහැකි බවයි.


එම නිසා සීමිත පිරිසකට කිසිසේත්ම සේවා දීර්ඝ ලබාදිය නොහැකි බවද  ඔහු සඳහන් කළේය.


එසේම, රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රධානීන් විශ්‍රාම යන විට භාවිත කළ නිල වාහනවල හිමිකාරිත්වය ඔවුන්ට පවරාගැනීමට තිබූ අයිතිය මුදල් අමාත්‍යංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.


ඵ් සම්බන්ධයෙන් සියලුම අමාත්‍යංශවල ලේකම්වරුන් ඇතුළු අදාළ ආයතන ප්‍රධානීන් වෙත ලිඛිතව දන්වා ඇති බව වාර්තා වේ.

නවතම පුවත්