1200 x 80 DMirror

රට තුළ පැතිර යන වෛරස් උණ රෝගය පිලිබද වැඩි අවධානයක් යොමු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



උණ රෝගී තත්ත්වයක් පවතින්නේ නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය පැවසිය. 'නෙත් නිව්ස්' වෙත ඔහු ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කලේද මෙසේය.



වෛරස බෝවීම වළක්වාගත හැකි ආකාරය පිළිබදවද ඔහු මෙහිදී කරුණු පැහැදිලි කළේය.



සංකූලතා ඇති දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භණී මව්වරුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මෙහිදී ඉල්ලීමක් කළේය.


වෛරස් උණ රෝගී තත්ත්වය හේතුවෙන් දිනකට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දරුවන් 40ක් පමණ පැමිණෙන බව මෙහිදී ප්‍රකාශ කළේය.





අධිඅවදානම් කෙනෙක් නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි


බාල තරුණ මහලු ⁣භේදයකින් නැතිව මේ දිනවල පැතිරී යන රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන හා පුහුණු හා පර්යේෂණ කටයුතු භාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, වෛද්‍ය හේමන්ත හේරත් ගෙන් 'නිව්ස් ෆස්ට්' කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, වසර අවසානයේ ශීත කාලය එළැඹීමත් සමග මෙවැනි තත්ත්වයන් ඇතිවීම සමාන්‍ය බවයි.
 

ඒ අනුව, ස්වසන පද්ධතිය ආශ්‍රිත ස්වසන රෝග ඇති වීම බහුල බව වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.
 

අධිඅවදානම් කෙනෙක් නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බවත් මෙම රෝග ලක්ෂණ පවතින සාමාන්‍ය පුද්ගයෙකු නම්, විවේකීව කාලය ගත කළ යුතු බවත් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියි.


මෙම තත්ත්වයට මුහුණ දෙන අවදානම් කාණ්ඩ :

* කුඩා දරුවන්
* ගර්භණී මව්වරුන්
* විවිධ රෝගවලින් පෙළෙන පුද්ගලයින්
* වයස්ගත පුද්ගලයින්


ඇතිවන රෝග ලක්ෂණ මොනවා ද ?

*කැස්ස
*හෙම්බිරිස්සාව
* උණ
* අතපය වේදනාව
 

මෙම වෛරස් තත්ත්වයන්ගෙන් ආරක්ෂා වන්නේ කෙසේ ද?
 

කොවිඩ් රෝගයෙන් ආරක්ෂා වූ පරිදි,

* සමාජ දුරස්ථභාවය
* මුහුණු ආවරණ පැළඳීම
* අත් පා පිරිසිදුව තබා ගැනීම
* සිප වැළඳ ගැනීම් නොකිරීම

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

ඇඩ්වර්ටයිසිං ලෝකය