ශ්‍රී ලංකා පොලිසියේ, අශ්වාරෝහක බල ඇණියට අයත්, මිල අධික ඉස්තරම් වර්ගයේ, ජවසම්පන්න අශ්වයින් හත් දෙනෙක්,
හිටිහැටියේ මියගිය පුවතත් ''ලීඩර් රෙඩ් ඇලට්'' පුවත් විශේෂාංගයෙන් අද (04) අනාවරණය කර ඇත.
එහි සඳහන් වන්නේ නිසි ආහාර නොමැතිවීම නිසා මෙසේ අශ්වයින් මියගොස් ඇති බවයි. අදාල ආහාර මිලදී ගැනීමේදී බරපතල වංචාවක් සිදුවෙමින් පවතින බවද එමගින් අවධාරණය කර තිබේ. පොලිස් අශ්වාරෝහක බල ඇණියේ අශ්වයන් ට ආහාර සැපයු හරිහමන් ලිපිනයක්වත් නොමැති කොළඹ කඩේ කාගේද ? ඇතුළු තවත් කාරණා රැසක් 'රෙඩ් ඇලට්' විශේෂාංගයෙන් විමසීමට ලක්කර ඇත.
එසේම එම අශ්වයින් සඳහා නිදි පශු වෛද්‍යවරයෙක් නොමැති බවද 'රෙඩ් ඇලට්' අනාවරණය කර සිටියි.
සම්පුර්ණ විස්තරේ පහත වීඩියෝවෙන් බලන්න.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න