අමෙරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ, ඔස්ටින් නගරයේ පොලිස් නිලධාරියෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලෙයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.


එලෙස මිය ගොස් ඇත්තේ, 33 හැවිරිදි “රාජ්” හෙවත් රාජන් මුණසිංහ නමැති තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙකි.

නොවැම්බර් මස 15 වන දින අලුයම අදාළ වෙඩි තැබීම සිදු වී ඇත්තේ, රාජ් මුණසිංහ සංචාරයක් නිම කර සිය නිවස වෙත පැමිණ සිටි අවස්ථාවේදී ය.

එදින මාධ්‍ය රාත්‍රියේ සිය නිවසේ සොරකමක් සිදුවනු ඇතැයි සැක සිතී ඔහු රයිෆලයක් ද අතැතිව නිවසේ ඉදිරිපස දොරෙන් ආලින්දයට පැමිණ ඇත.

එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ ඇති ඔස්ටින් පොලිස් නිලධාරියෙකු එකවර ම රාජ් අත තිබූ තුවක්කුව බිම දමන ලෙස අණ කරමින් ඔහුට වෙඩි තැබූ බව රාජ්ගේ ඥාතීන් අමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ආයුධය බිම හෙළීමට සාධාරණ කාලයක් ලබා දීමට පෙර රාජ් මුණසිංහ මෙතරම් ඉක්මනින් “මරා දැමුවේ” මන්දැයි ඔස්ටින් පොලිසියෙන් ඔහුගේ ඥාතීන් ප්‍රශ්න කර ඇත.

ආරක්ෂාව සඳහා රාජ් රයිෆලයක් ලබා ගෙන තිබුණු බවත් මෑත කාලයේ එම ප්‍රදේශයේ අපරාධ සිදු වූ බවත් රාජගේ සහෝදරයා ප්‍රකාශ කර තිබේ.


imagesNews2022DecemberRajan Moonasinghe with maotherරාජන් මුණසිංහ සහ ඔහුගේ මව


රාජන් මුණසිංහ අවන්හල් උපදේශන ව්‍යාපාරයක සම නිර්මාතෘවරයෙකි.

ඔස්ටින් පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එදින අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ය.

අළු පැහැති ලෝගුවක් සහ අඳුරු කලිසමක් ඇඳගත් පුද්ගලයෙක් වීදි දිගේ රයිෆලයක් පෙන්වමින් එහා මෙහා ගමන් කරමින් සිටින බවට 911 අමතා අයෙකු පැමිණිලි කළ බව ඔස්ටින් පොලිසිය සඳහන් කර තිබේ.

මෙම පුද්ගලයා ඔහුගේ නිවස අභ්‍යන්තරයට රයිෆලය එල්ල කරගෙන සිටි බව ද ඇමතුම දුන් පුද්ගලයා පවසා ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

පසුව ඇමතුම්කරු ප්‍රකාශ කර ඇත්තේ, එම පුද්ගලයා ඔහුගේ ම නිවස තුළට වෙඩි තැබූ බව ය.

පොලිසිය එම ස්ථානයේ සිටි බවත් එම පුද්ගලයා නැවතත් වෙඩි තැබූ බවත් ඇමතුම්කරු ප්‍රකාශ කළ බව පොලිසිය සඳහන් කර තිබේ.

රාජ් මුණසිංහට වෙඩි තැබූ නිලධාරියා ඩැනියෙල් සැන්චේස් බවට පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට නිවාඩු යවා ඇතැයි අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත.

muna F 2022රාජ් රයිෆලයක් අතැතිව නොවැ. 15 වන දා සිය ආලින්දයේ සිටින අයුරු


රාජ්ව මුලින් ම දැක ඇති අදාළ පොලිස් නිලධාරියා තුවක්කුව බිම හෙළන ලෙස ඔහුට වාචික විධානයක්‌ දී තිබේ. තුවක්කුව අතහරින්නැයි කී සැණින් එම නිලධාරියා ඔහුට වෙඩි තබා ඇතැයි ඔස්ටින් පොලිසිය ප්‍රකාශ කර ඇත. එම අවස්ථාවේදී රාජ් වෙඩි වැදී බිම වැටී තිබේ.

අනතුරුව වෙඩි ප්‍රහාරයට ලක් වුණු රාජ් රෝහල්ගත කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත.

වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක බව ඔස්ටින් පොලිසිය ප්‍රකාශ කර තිබේ.

අදාළ වෙඩි තැබීම සිදු වන අයුරු දැක්වෙන දර්ශන ද අමෙරිකානු මාධ්‍ය මගින් මේ වන විට මුදා හැර ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රාජ් මුණසිංහගේ සහෝදරයා වන ජොහාන් මුණසිංහ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, තම සහෝදරයා ඔස්ටින් පොලිස් නිලධාරියෙකු අතින් “ඝාතනයට” ලක් වූ බව ය.


Raje home                                    රාජ්ගේ නිවස


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්