තමන් දන්නා පරිදි ලෝකයේ කිසිදු රටක මේ වනතෙක් කිසිම වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදුකර නැතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ

ශෛල්‍ය වෛද්‍යවරයෙක් ‘දිවයින’ට ප්‍රකාශකර තිබේ.


නම හෙළිකිරීමට අකමැතිවූ මෙම විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ, වෘෂණ කෝෂ බද්ධ කිරීමක් සිදු කළ නොහැකි බවයි.


පුද්ගලයකු අනතුරකට ලක්වී වෘෂණ කෝෂයට හානියක් සිදුවුවහොත් එය ඉවත් කිරීමට සිදුවන බව ද අනෙක් වෘෂණ කෝෂයටද විරුද්ධ ප්‍රතිදේහ නිසා එය මියයෑම සිදුවිය හැකි බව ද විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා පවසයි.


වකුගඩු බද්ධ කිරීමේ ජාවාරම පිටුපස සිටිනුයේ අතරමැදි පුද්ගලයන් බව ද මුදල් ලබාදී වකුගඩු ලබාදෙන පුද්ගලයා කැමැති කරගත්තද පසුව ඔහුට පොරොන්දුවූ මුදල ලබා නොදෙන බව ද වෛද්‍යවරයා කියා සිටියි.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව කිසිදු ශල්‍ය වෛද්‍යවරයකු විසින් වකුගඩු බද්ධ කිරීමක් සිදු නොකරන බවද විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

 

# බොරැල්ල රෝහලේ වෘෂණ කෝෂ ජාවාරම ගැන පුළුල් විමර්ශනයක්
# තරුණයකුගේ වෘෂණ කෝෂයට ලක්‍ෂ 70 ක ලන්සුවක්

 

මේ අතර බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකළ බව කියන වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාසය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.


එම රෝහලේ මෙම ජාවාරම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමග මෙම පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

 

බොරැල්ලේ පෞද්ගලික රෝහලක සිදුකරන බව කියන වකුගඩු ජාවාරමක් සම්බන්ධයෙන් මාධ්‍ය මගින් තවදුරටත් සොයා බැලීමේදී එහිදී වෘෂණ කෝෂ ජාවාරමක්ද සිදුවෙමින් ඇතැයි ඇතැම් මාධ්‍ය මගින් අනාවරණයකර තිබිණ. එම රෝහලට වකුගඩු ලබාදීමට පුද්ගලයන් හඳුන්වා දුන් ‘බායි’ නමින් හඳුන්වන ප්‍රධාන තැරැව්කරු වෘෂණ කෝෂ ලබාදීම සඳහා ද පුද්ගලයන් කැඳවාගෙන පැමිණ ඇති බවත්,  ලෙස ලබාදෙන වෘෂණ කෝෂයක් සඳහා රුපියල් ලක්‍ෂ 70 ක ලන්සුවක්ද එම තැරැව්කරු විසින්ම තබා දී ඇති බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

 

‘බායි’ නමැත්තා විසින් එලෙස මුදල් ලබාදෙන බවට පොරොන්දු වූ බව කියන තරුණයෙක් මාධ්‍යයට කරුණු රැසක් අනාවරණය කර තිබිණ. සිය අගහිඟකම් පියවා ගැනීමටත් නිවසක් මිලදී ගැනීමටත් තමා වෘෂණ කෝෂයක් ලබාදීමට එකඟ වූ බව ඔහු මාධ්‍ය හමුවේ සඳහන් කළේය.


වකුගඩු ලබාදුන් පුද්ගලයන්ට එම රෝහල මගින් මුදල් ලබානොදීම නිසා තම වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්‍ෂේප කළ බවද ඔහු මාධ්‍ය හමුවේ පැවසිය.

 

wIJAYSURIYAනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජී. විජේසූරියමෙම වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය ගෙන් 'දිවයින' කළ විමසීමක දී ඔහු මෙසේ සඳහන් කර තිබේ.


''මේ ආකාරයෙන් කාටවත් ශරීරයේ අවයව මුදලට විකුණන්න බැහැ. මේ රෝහලේ වකුගඩු හා වෘෂණ කෝෂ ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හා කොළඔ අපරාධ කොට්ඨාසයෙන් පරීක්‍ෂණයක් පවත්වාගෙන යනවා. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායමක් පත්කර තියෙනවා. ඒ වාර්තාව ලැබුණාට පස්සේ ඉදිරි පියවර ගැන තීරණයක් ගන්නවා.''


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියාසිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිලි හයක් ලැබී ඇති බවයි.


රටේ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වය කොතරම් බැරෑරුම් තත්ත්වයට පත්ව ඇතිද යන්න තම වෘෂණ කෝෂය විකුණන තැනට පත්ව ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ තත්ත්වය ඉතා ශෝචනීය බව ද මන්ත්‍රීවරයා කීවේය.




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්