1200 x 80 DMirror

ආන්දෝලනාත්මක සමාජ ක්‍රියාකාරිනියක්වූ ශමිලා ලියනආරච්චි රාගම රෝහලේදී දෙසැම්බර් 01දා මියගොස් ඇත.



ඇයගේ දේහය මේවනවිට වත්තල මහින්ද මල් ශාලාවේ තැම්පත්කර ඇති අතර අවසන් කටයුතු අද (05) පස්වරු 3.00ට සිදුකිරීමට නියමිතය.


වාර්තාව වන අන්දමට මිය යාමට පෙර ඇය සති 2ක් පමන රෝහල්ගතව සිට ඇත. හදිසියේ රෝහල් ගතවීමට හේතුව හෘදයාබාධයක් යයි මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් දී ඇති බව වාර්තා වෙයි.

PHOTO 2022 12 05 10 50 50

ශමිලා ජීවතුන් අතර සිටියදී ආන්දෝලනාත්මක චරිතයක් විය.


ඇය බන්දුල සෙනරත් නම් සිරකරුවෙකු සමග විවාහ විය. ඔහු වැලිකඩ සිරකරුවන් ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරු විය. ශමිලා ඔහු සමග විවාහ වූයේ ඔහු සිරගතව සිටියදීමය.

PHOTO 2022 12 05 10 50 42

2019 වසරේ මුල් භාගයේදී ප්‍රකට මැණික් ව්‍යාපාරිකයකු කුඩා දැරිවියකු අපයෝජනය කළ බවට ඩිජිටල් සාක්ෂි ‍සහිතව හෙළිදරව්ව කරනු ලැබුවේ ශමිලාය .

 


ඇය පසුගිය කාලය පුරාම සමාජ මාධ්‍ය ඔස්සේ රාජපක්ෂ රෙජීමය දැඩි ලෙස විවේචනය කළ තැනැත්තියකි.


එසේම, ඇය බන්ධනාගාර නිලධාරීන් සහ පොලීසියේ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය ඔස්සේ  තදබල විවේචන එල්ල කළ තැනැත්තියකි.


නීතීඥ සේනක පෙරේරා පිහිටවූ සිරකරු අයිතීන් සු‍රැකීමේ සංවිධානය සමග එක්ව වැඩ කළ ශමිලා, තමාට ජීවිත තර්ජනයක් පවතින බව කිහිපවරක්ම ප්‍රකාශකර තිබිණ.



මෙවැනි තත්වයක් තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රැසක් මෙම මරණය පිටිපස විශාල අබිරහසක් පවතින බවට සැක මතු කර තිබේ.



un

shami 1
 
shami 2
 
shami 3
shami 4

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්