theleaderlk 01

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හැර දමා, වෙනත් කිසිදු පක්‍ෂයකට එකතු නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.



තමා දේශපාලනිකව ඉපදුනේත්, හැදී වැඩුණේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බවත්, විවිධ පහර කෑම් වලට ලක් වූයේ ද පක්ෂය වෙනුවෙන් බවත් පවසන හිටපු ජනාධිපතිනිය තමා මිය යාමට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෙකු ලෙස බව සඳහන් කරයි.

බණ්ඩාරනායක දර්ශනය අගය කරන, තමන්, එම දර්ශනයට අනුගත දේශපාලනයක නිරත වන ඕනෑම දේශපාලන කණ්ඩායමකට උපදෙස් ලබා දීමට නොපැකිළි වන බව ද ඇය නිකුත් කළ නිවේදනයක දැක්වේ.



එමෙන්ම මේ මොහොතේ පවතින ජාතික අර්බුද දෙකක් වන ළමා මන්දපෝෂණය සමනය කිරීම සහ ජනවාර්ගික ගැටළුවට ස්ථිර සාර විසඳුම් ලබාදීම යන අවස්ථාවන් හි දී පමණක් රටේ වගකිව යුතු ජ්‍යෙෂ්ඨ නායිකාවක ලෙස ඊට තම උපදෙස් ලබාදෙන බව ද ඇය සඳහන් කර ඇත.



වැරදි ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉතාමත් දුර්වල තත්වයය පත්ව තිබෙන බවත් ඇය සඳහන් කර ඇත.

වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකයින් සිය අවස්ථාවාදී, පටු වාසි වෙනුවෙන් පක්‍ෂ ප්‍රතිපත්ති අමු අමුවේ පාවා දෙන විට සැබෑ පාක්‍ෂිකයන් වෙනුවෙන් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති රැක ගැනීමට අදත්, හෙටත් මතුවටත් අඛණ්ඩව කැපවන බව ද ඇය සිය නිවේදනයේ දක්වා ඇත.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo