බොරැල්ල කොටා පාරේ පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන තැරැව්කරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයකු කොළඹ

ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය කජිමා වත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩින් නොහොත් බායි නමැති 41 හැවිරිදි ඇඳුම් වෙළෙඳාම් කරන පුද්ගලයෙකි.


ඉකුත් දින කීපය තුළ සැකකරු ප්‍රදේශය හැර සහ ගොස් තිබූ අතර කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


වකුගඩුවකට රුපියල් කෝටි එකහමාර, ලක්ෂ 80 ආදී විවිධ මිල ගණන් ලබා දෙන බව පවසා කොළඹ 14 සහ 15 ප්‍රදේශ වල පදිංචි දිළිඳු පවුල්වල පුද්ගලයන් 4 දෙනකු සහ කාන්තාවකගෙන් වකුගඩු ලබාගෙන රුපියල් දෙලක්ෂ පනස් දහසක් වැනි සුළු මුදලක් ලබාදී මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.


සැකකරු අද (06) දින අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සත්පුද්ගල විමර්ශන කමිටුවක් :


මේ අතර පෞද්ගලික රෝහලකදී ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට සත්පුද්ගල විමර්ශන කමිටුවක් පත්කර තිබේ.


නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මේ සඳහා පත්කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේය.


අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා හා ලැබුණු තොරතුරු ඔස්සේ මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  උපදෙස් ලබාදී තිබුණි.


ඒ අනුව මෙම පරීක්ෂණ කටයුතු සිදුකර එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නා තෙක් අදාළ පෞද්ගලික රෝහලේ අවයව බද්ධ කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට ද තීරණය කළ බව වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේය.


වෘ‍ෂණ කෝෂ බද්ධය ගැන සෞඛ්‍ය ලොක්කා කියන කතාව


මේ අතර වෘෂණ කෝෂ විකිණීම හා බද්ධ කිරීම සම්බන්ධ මාධ්‍ය වාර්තා පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුයේ, සායනික හෝ පර්‌යේෂණාත්මක වශයෙන් වෘ‍ෂණ කෝෂ බද්ධ කිරීමක් සිදුකර නොමැති බව විශේෂඥ වෛද්‍ය මතය බවයි.


වෘෂණ කෝෂ බද්ධ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු අවසරයක් ලබාදී නොමැති බවද ඔහු අවධාරණය කර සිටියි.


2016 වර්ෂයේද අවයව බද්ධ කිරීම සම්බන්ධයෙන් විමර්ශන කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ අතර එහි වාර්තාවද යට ගැසීමට පියවර ගෙන ඇතැයි ‘අරුණ’ පුවත්පත ඊයේ (5දා) අනාවරණය කර තිබිණ.


සබැඳි පුවත් :
වෘෂණ කෝෂ බද්ධ කරන්න බැහැ - කිසිම රටක් එවැනි දෙයක් කර නෑ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්