ප්‍රවීන සන්නිවේදක කිංස්ලි රත්නායක විසින් SL tv නමින් නව ටෙලිවිෂන් නාලිකාවක් ආරම්භකර තිබේ. තොරතුරු සහ වින්දනය සරලව ගෙනඒම මූලික

අරමුණින් යුතුව එම නාලිකාව ආරම්භ කරනබව ඔහු පවසයි.


ඔස්ට්‍රේලියාවේ, වික්ටෝරියා ප්‍රාන්තයේ සිටිනා ලාංකිකයන් හට චැනල් 31 නාලිකාවෙන් සෙනසුරාදා උදේ නවයේ සිට සහ ලොව පුරා විවිධ රටවල වෙසෙන විදෙස්ගත ලාංකික ප්‍රජාවට sltv.com.au වෙතින් මෙම රුපවාහිනී සේවාව නැරබීමට හැකිවනු ඇත.


ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු සේම, දේශපාලනය මෙහි නොමැති බවත්, අපූරු වැඩසටහන් පෙලගැස්මකින් නවමු ආකාරයට රසවින්දනය ලබා දීමට අදහස් කරන බවත් කිංස්ලි වැඩිදුරටත් පැවසිය.


www.sltv.com.au වෙබ් අඩවිය හරහා ටෙලිවිෂනයේ යූටියුබ් නාලිකාවට නොමිලේ ලියාපදිංචි වීමෙන් ඔබටද එහි ග්‍රාහක සාමාජිකත්වය ලබාගත හැක. සාමාජිකත්වය වෙත පිරිනැමෙන විශේෂ අවස්තාවන් සදහා එහිදී ඔබට දොරටු විවර වනු ඇත.


එක්වෙමු-වෙනස් වෙමු-අලුත් වෙමු  ...ඒ   SL tv පැතුමයි.


කිංස්ලිගේ අලුත් ප්‍රවේශයට හා SL tv නාලිකාවට 'ද ලීඩර්' උණුසුම් සුබපැතුම් !













 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්