රට තුළ සිටින ඕනෑ ම පුද්ගලයෙකුට විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම තහනම් කරමින් සහ දේශපාලන නිදහස සීමා කරමින් ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුව නව අපරාධ නීති සංග්‍රහයක් සම්මත කර තිබේ.
වසර තුනකින් ක්‍රියාත්මක වන එම නව නීති සංග්‍රහය යටතේ විවාහයෙන් පරිබාහිර ලිංගික ක්‍රියාවලට වසරක් දක්වා සිර දඬුවමක් නියම කෙරෙනු ඇත.
විචාරකයින් පෙන්වා දෙන්නේ, එම නීති මානව හිමිකම් සඳහා සිදු වන "ව්‍යසනයක්" ලෙස සහ සංචාරක ව්‍යාපාරයට සහ ආයෝජනවලට එල්ල විය හැකි පහරක් ලෙස ය.
ප්‍රධාන වශයෙන් තරුණ කණ්ඩායම් කිහිපයක් මෙම සතියේ ජකර්තාහි පාර්ලිමේන්තුවෙන් පිටත නීති සම්පාදනයට එරෙහිව විරෝධතා දැක්වූහ. නව නීති උසාවියේදී අභියෝගයට ලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කණ්ඩායම් කිහිපයක් මෙම සතියේ ජකර්තාහි පාර්ලිමේන්තුවෙන් පිටත නීති සම්පාදනයට එරෙහිව විරෝධතා දැක්වූහ.
එම නීති දේශීය හා ඉන්දුනීසියාවේ වෙසෙන විදේශිකයින්ට මෙන් ම නිවාඩු ගත කිරීම සඳහා බාලි වැනි ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයින්ට ද සමානව අදාළ වේ. නව නීතිය යටතේ ලිංගිකව හැසිරෙන අවිවාහක යුවළක් කොටු වුවහොත් වසරක් දක්වා සිරගත කළ හැකි ය.
විවාහ නොවී එකට වාසය කිරීම ද ඔවුන්ට තහනම් වන අතර එවැනි ක්‍රියාවක නිරත වුවහොත් මාස 6ක් දක්වා සිරගත කළ හැකි ය. අනාචාරයේ හැසිරීම ද සිර දඬුවම් ලැබිය කළ හැකි වරදක් වනු ඇත.
බටහිර ජාවා නගරයේ ඩෙපොක්හි වෙසෙන 28 හැවිරිදි මුස්ලිම් කාන්තාවක වන අජෙන්ග් පැවසුවේ, පසුගිය වසර පහ තුළ සිය සහකරු සමග තමන් ජීවත් වූ බවත් දැන් එය අවදානමක් වී ඇති බව ත් ය.
"පවුලේ කෙනෙක් පොලිසියට පැමිණිලි කළොත් අලුත් නීතියත් එක්ක අපි දෙන්න ම හිරේ යන්න පුළුවන්" ඇය බීබීසී වෙත පැවසුවා ය.
"මාත් එක්ක ප්‍රශ්නයක් තියෙන පවුලේ එක් කෙනෙක් මාව හිරේ යවන්න තීරණය කළොත්?"
ඡායාරූප මූලාශ්‍රය, EPA
"මම හිතන්නේ එකට ජීවත් වීම හෝ විවාහයෙන් පිටත ලිංගිකව හැසිරීම අපරාධයක් නොවෙයි. මගේ ආගමේ ඒක පවක් ලෙස සලකන්නේ. නමුත් අපරාධ නීතියක් යම් ආගමක් මත පදනම් විය යුතු යැයි මම හිතන්නේ නැහැ."
එම නීතිය පිළිබඳව ප්‍රථම වරට හඳුන්වා දුන් විට 2019 වසරේදී රටපුරා පැවති විරෝධතාවලට තමා සම්බන්ධ වූ බව ඇය පැවසුවා ය. "තුරුල් කර ගැනීමේ අයිතිය වෙනුවෙන්" ඇය විරෝධතා පුවරුවක් අතැතිව වීදි බැස්සා ය.
කෙසේ වෙතත්, අඟහරුවාදා ඉන්දුනීසියානු පාර්ලිමේන්තුව ඒකමතිකව වගන්ති 600කට අධික නව නීති සංග්‍රහයක් සම්මත කළේ ය.
අයිතිවාසිකම් කණ්ඩායම් පවසන්නේ, නව විධිවිධාන කාන්තාවන්ට, LGBT පුද්ගලයින්ට සහ සුළු ජාතීන්ට අසමාන ලෙස බලපාන බව ය. අමුත්තන් සහ ආයෝජන අධෛර්යමත් කරන බව පවසමින් බොහෝ ව්‍යාපාර ද මෙම නීති සම්පාදනයට විරුද්ධ වී ඇත. නමුත් ලන්දේසි යටත් විජිත පාලනය දක්වා දිවෙන එරට නීති ප්‍රතිසංස්කරණය කිරීම නීති සම්පාදකයින් විසින් සමරනු ලැබ තිබේ.
"දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සම්බන්ධයෙන් ඓතිහාසික තීන්දුවක් ගැනීමටත්, අපට උරුම වූ යටත් විජිත අපරාධ සංග්‍රහය අත්හැරීමටත් කාලය එළඹ ඇත," යනුවෙන් නීතිය පිළිබඳ අමාත්‍ය යසෝනා ලාඕලි පාර්ලිමේන්තුවේදී පැවසීය.
නව නීති මාලාවේ දුරාචාරය සහ අපහාස කිරීම අපරාධයක් ලෙස සලකන සහ දේශපාලන සහ ආගමික ප්‍රකාශන සීමා කරන නව වගන්ති ගණනාවක් අඩංගු වේ.
හියුමන් රයිට්ස් වොච්හි ආසියා අධ්‍යක්ෂිකා එලේන් පියර්සන් බීබීසීයට පැවසුවේ, එය "තමන් නූතන මුස්ලිම් ප්රජාතන්ත්රවාදී රටක් ලෙස හුවා දැක්වීමට උත්සහ කළ රටකට විශාල පසුබෑමක්," බව ය.
කණ්ඩායමේ ජකර්තා පදනම් කරගත් පර්යේෂක ඇන්ඩ්‍රියාස් හර්සානෝ පැවසුවේ, ඉන්දුනීසියාවේ විවාහ සහතික නොමැති යුවළ මිලියන ගණනක් සිටින බව ත් "විශේෂයෙන් විශේෂිත ආගමික උත්සවවලදී විවාහ වූ ආදිවාසී ජනතාව හෝ ගම්බද ප්‍රදේශවල මුස්ලිම් වැසියන් ඔවුන් අතර සිටින බව ත් ය.
"එකට ජීවත් වීමට මාස හයක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි බැවින් මෙම පුද්ගලයින් න්‍යායාත්මකව නීතිය කඩ කරනු ඇත," ඔහු බීබීසීයට පැවසීය.
ලිංගිකත්වය සහ සබඳතා පාලනය කිරීම සඳහා සමාන නීති පවතින ගල්ෆ් රාජ්‍යවල කරන ලද පර්යේෂණයකින් පෙන්නුම් කළේ, පිරිමින්ට වඩා කාන්තාවන්ට එවැනි සදාචාර නීති මගින් දඬුවම් කර ඉලක්ක කර ඇති බව ය.
ආගමක් අත්හැරීම ඇතුළුව දැන් දේව අපහාස නීති හයක් නව නීති සංග්‍රහයේ ඇත. නිදහස ලැබීමෙන් පසු පළමු වතාවට ඉන්දුනීසියාව ආගමික විශ්වාසයක් නොමැති අයෙකු වීමට යමෙකු පොළඹවා ගැනීම නීති විරෝධී ලෙස සලකනු ඇත.
නව අපහාස වගන්ති මගින් ජනාධිපතිවරයාට අපහාස කිරීම හෝ රාජ්‍ය මතවාදය විවේචනය කිරීම නීති විරෝධී වේ.
කෙසේ වෙතත්, නීති සම්පාදකයින් කියා සිටියේ තමන් භාෂණයේ නිදහස සහ "මහජන අවශ්‍යතා" සඳහා කරන විරෝධතා ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බව ය.
ඉන්දුනීසියාව අනාගමික රාජ්‍යයක් නොවේ. අදේවවාදය පිළිනොගන්නා අතර - තාක්ෂණික වශයෙන් ඔබ නියම කරන ලද ආගම් හයෙන් එකක් අනුගමනය කළ යුතු ය. එබැවින් එය අන් කිසිවකට වඩා ඇදහිල්ලකට ප්‍රමුඛත්වය නොදෙන නිල දෘෂ්ටිවාදයක් සහිත බහු ආගමික රාජ්‍යයකි. එය මුස්ලිම් වැසියන් බහුතරයක් නොවන දූපත් සමූහයෙන් විශාල කොටසක් කැඩී යාම අධෛර්යමත් කිරීමේ ඉන්දුනීසියාවේ නිදහසින් පසු නායකයා වූ සුකර්නෝගේ අදහස ය.
එහෙත් දේශපාලන ඉස්ලාමීය කණ්ඩායම් නිර්දය ලෙස මර්දනය කළ ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ සුහර්තෝගේ කඩා වැටීමෙන් පසු - ඉස්ලාමීය සාරධර්ම වටා බලමුලු ගැන්වීම වර්ධනය වෙමින් පැවති අතර ඉන්දුනීසියානුවන්ගෙන් අඩකට වඩා ජීවත් වන ජාවා දූපතේ බොහෝ ප්‍රදේශවල බාහිර බලපෑම් සහ වඩා ගතානුගතිකත්වය නිසා ඉස්ලාමය තර්ජනයට ලක්ව ඇති බව හැඟීමයි. දේශපාලන පක්ෂ මෙයට ප්‍රතිචාර දක්වා ඇති අතර පොලිස් සදාචාරය වෙනුවෙන් දැඩි නීති පනවන ලෙස ඉල්ලා ඇත.
වත්මන් නායක ජෝකෝ විඩෝඩෝ වඩාත් නම්‍යශීලී ඉස්ලාම් ආකාරයකට අනුගත වන සමමුහුර්ත ජාවා සම්ප්රදායකින් පැවතුණ ද ඔහුගේ ප්‍රධාන අරමුණ වන්නේ ඉවසීම සහ ලිබරල් සාරධර්මවලට වඩා ආර්ථික සංවර්ධනය පිළිබඳ ඔහුගේ උරුමයයි. නිදසුනක් වශයෙන්, ජකර්තාවේ හිටපු ආණ්ඩුකාර අහෝක්ව අපහාස කිරීමේ චෝදනාව මත සිරගත කිරීමේදී ඔහු පෙන්වා දී ඇත්තේ දැඩි මතධාරී මුස්ලිම් වැසියන්ට ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට ඔහු කැමති බව ය.
නව නීති සංග්‍රහය ක්‍රියාත්මක වන විට, ජොකෝවි ඔහුගේ දෙවන ධූර කාලය අවසන් කර ධූරයෙන් ඉවත්ව යා යුතු ය.
සිසුන් ඇතුළු බොහෝ දෙනෙකු වීදි බැස විරෝධතාවල නිරත වුණු අතර ජකර්තාහි පොලිසිය සමග ගැටුම් ද ඇති විය.
1998 වසරේදී ඉන්දුනීසියාවේ ප්රජාතන්ත්රවාදී සංක්‍රාන්තියෙන් පසු, මිලියන 267ක ජනගහනයක් සිටින එරට ඇතැම් ප්‍රදේශවල ලිංගිකත්වය සහ සබඳතා පිළිබඳ දැඩි ආගම් පදනම් වූ නීති හඳුන්වා දී තිබේ.
ආචේ පළාත දැනටමත් දැඩි ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කරන අතර සූදුව, මත්පැන් පානය කිරීම සහ විරුද්ධ ලිංගික සාමාජිකයන් හමුවීම සම්බන්ධයෙන් පුද්ගලයින්ට දඬුවම් කර ඇත.
ඉන්දුනීසියාවේ බොහෝ ඉස්ලාමීය සිවිල් කණ්ඩායම් මෑත වසරවල රාජ්‍ය ප්‍රතිපත්ති හැඩගැස්වීම සඳහා වැඩි බලපෑමක් කිරීමට තල්ලු කර තිබේ.
නීති සංග්‍රහයේ පෙර කෙටුම්පතක් 2019 වසරේදී සම්මත කිරීමට නියමිතව තිබුණු අතර දස දහස් ගනනක් පෙළපාලිවලට සහභාගී වීමත් සමග රට පුරා විරෝධතා ඇති විය.
සිසුන් ඇතුළු බොහෝ දෙනෙකු වීදි බැස විරෝධතාවල නිරත වුණු අතර ජකර්තාහි පොලිසිය සමග ගැටුම් ද ඇති විය.
නීතියෙන් පීඩාවට පත් නොවූ බොහෝ ඉන්දුනීසියානුවන් ද 2019 වසරේදී විරෝධතා දැක්වූයේ "ලිංගිකත්වය සඳහා පමණක් මිනිසුන් සිරගෙට යැවීමට මිනිසුන්ට ඔවුන්ගේ බදු භාවිත කිරීමට අවශ්‍ය නොවූ නිසා," බව අජෙන්ග් පැවසුවා ය.
"ඔවුන්ගේ නිදහස උදුරා ගැනීම ගැන මිනිසුන් කෝපයට වෙලා. ඉන්දුනීසියාවට දුප්පත්කම, දේශගුණික විපර්යාස සහ දූෂණය වැනි ගැටලු ඕනෑ තරම් තිබෙනවා. නමුත් ඔවුන් ගැටලුවක් විසඳනවා වෙනුවට ප්රශ්නය තවත් වැඩි කරන පනතක් නිර්මාණය කරලා."
(BBC සිංහල සේවය)
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න