ශ්‍රී ලාංකික ජනතාවට චීනයෙන් පරිත්‍යාග කළ රුපියල් බිලියන 2 ක් වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඊයේ (6) කොළඹට ළගා වූ බව චීන
තානාපති කාර්යාලය පැවසීය.
එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය කන්ටේනර් 24 ක් ලෙස නැව්ගත කළ බවත් එහි සම්පූර්ණ බර මෙට්‍රික් ටොන් 255 කට අධික බවත් එම තානාපති කාර්යාලය කීය.
චීනය ජුනි මාසයේ සිට රුපියල් බිලියන 5 කට අධික වටිනාකමින් යුත් ඖෂධ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති බවත් චීන තානාපති කාර්යාලය වැඩි දුරටත් සඳහන් කරයි.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න