දිනපතා වැඩි වන සයිබර් අපරාධ වැලැක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රීය රාමුවක් තුළ ක්‍රියාත්මක කළ හැකි නව නීති හඳුන්වාදීමට කාලය එළඹ ඇතැයි Lanka

Change Makers සමූහය පවසයි.


සයිබර් අපරාධ වැලක්වීමට සුදුසු විධිමත් නීති පද්ධතියක් මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාපිත නොවීම හේතුවෙන් බරපතල අර්බුද රැසක් මතුව ඇති බැවින් විවිධ පාර්ශව සමග සාකච්ජා පවත්වමින්, ඒ සම්බන්ධයෙන් වූ යෝජනාවලියක් පාර්ලිමේන්තු පනතක් දක්වා රැගෙන යාමට Lanka Change Makers සමූහය කටයුතු කරමින් සිටින බව එම සමූහයේ ක්‍රියාකාරික සාමාජිකයෙකු වූ සමාජ ක්‍රියාකාරික චතුර රාජපක්ෂ පැවසිය.


ඔහු එබව කියා සිටියේ, කොළඹ "රැඩිකල් සෙන්ටර්" හීදී ඊයේ (06) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

 

Lanka Change Makers සමූහය යනු ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින දේශපාලන, ආර්ථික, සාමාජීය හා සංස්කෘතික ගැටළු වලදී ඒවා විචාරය සහ විවේචනය කිරීමෙන් ඔබ්බට ගොස් ඒ සදහා විසදුම් නිර්මාණය කරමින් එම විසදුම් ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් කටයුතු කරන කණ්ඩායමක් බව ඔහු එහිදී අවධාරණය කර සිටියේය.

 

ලෝකයේ බොහෝ රටවල් නුතනය වන විට සයිබර් අවකාශය තුළ පුළුල් වශයෙන් සැරිසරයි. එම රටවල් අතරින් ශ්‍රී ලංකාව ද බහුල වශයෙන් එහි සැරිසරනු ලබයි. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටක් සයිබර් අවකාශයේ සැරිසැරිම තුළින් ප්‍රතිලාභ රැසක් අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබේ. නමුත් එහි අවසනාවන්ත තත්තවය වන්නේ ශ්‍රී ලංකාවේ දිනෙන් දින සයිබර් අපරාධ ඉහළ යාමයි. එම අපරාධවලට ගොදුරක් නොවිමට නම් සයිබර් අපරාධ පිළිබඳ ව දැන ගෙන සිටිම ඉතා වැදගත් වේ.


සයිබර් අපරාධයක් ලෙස හඳුන්වනු ලබන්නේ වංචා කිරීම, ළමා කාමුක දර්ශන හා බුද්ධිමය දේපළ වෙළෙඳාම් කිරීම, අනන්‍යතා සොරකම් කිරීම හෝ පෞද්ගලිකත්වය උල්ලංඝණය කිරීම වැනි නීති විරෝධී අරමුණු සඳහා පරිගණකය මෙවලමක් ලෙස භාවිතා කිරීමයි. 

 
WhatsApp Image 2022 12 07 at 12.49.54 PM
 

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ චතුර රාජපක්ෂ මෙසේද පැවසිය.


"Cyber Discipline


'' අප සමූහය විසින් මේ වන විට සයිබර් අවකාශයේ ශ්‍රී ලාංකීය පුරවැසියන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුවක් වන Cyber Harassment , Cyber Bulling සහ illegal Online Stalking වැනි කරුණු ඉතා විශාල වශයෙන් සමාජයට බලපෑමක් කරන බව අප නිරීක්ෂණය කර තියනවා..''
 

'' 2022 වසරේ මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය වෙත මෙම ක්ෂේත්‍රය සම්බන්ධ පැමිණිලි 2927 ක් ලැබී තියනවා. මීට වඩා විශාල සිදුවීම් ප්‍රමාණයක් සමාජයේ සිදු වන බව Lanka Change Makers සමූහය ලෙස අපි විශ්වාස කරනවා.''
 

එබැවින් මෙම ගැටලුවට විසදුමක් ලෙස "Cyber Discipline" නමින් වැඩසටහනක් Lanka Change Makers සමූහය විසින් නිර්මාණය කර ඇතැයි චතුර රාජපක්ෂ සඳහන් කළේය.
 

මෙම වැඩසටහන තුලදී සාමාජයේ සියළු පාර්ශව දැනුවත් කිරීම, මේ සදහා පවතින නීතී ක්‍රියාත්මක කිරීම, නව නීතී සම්පාදනය කිරීම සහ වින්දිතයින් එම මානසික තත්ත්වයෙන් මුදා ගෙන නැවත සමාජ ගත කිරීම යන කරුණු ඔස්සේ කටයුතු කිරීමට තම සංවිධානය සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.
 

මෙහීදී, ශ්‍රී ලාංකීය දරු පරපුරට cyber අවකාශය පිලිබදව සහ ඒ හා බැදුණු උපාංග පිලිබදව මූලික දැනුම ලබා දීම උදෙසා ජාතික අධ්‍යාපනයේ විෂය නිර්දේශය තුලට Cyber Discipline පිලිබදව ඇතුලත් කිරීමට අදාලව සම්බන්ධ කරගත යුතු සියළු පාර්ශව සමග සාකච්ඡා කරමින් පහත සඳහන් කටයුතු සිදුකරමින් සිටින බව ඔහු කියා සිටියේය.



1- Cyber Discipline සම්බන්ධව සමාජය දැනුවත් කිරීම සදහා මේ වන විට තනි තනිව හා කණ්ඩායම් ලෙස කටයුතු කරන පාර්ශව එක් කර ගනිමින් Lanka Change Makers සමූහයේ මූලිකත්වයෙන් තිරසර ජාතික වැඩපිලිවෙලක් සකස් කිරීම.
 

2- මේ වන විට ලංකාව පුරා ස්ථාපිත ජංගම දුරකථන අලුතවැඩියා කරන වෙළදසැල් නිසි නියාමනයකට යටත් කිරීමට අදාලව රජයේ ආයතන සමග සාමුහිකව කටයුතු කිරීම තුලින් තම සේවාදායකයින්ට ඔවුන්ගේ පෞද්ගලික දත්ත අව භාවිතා නොවන බවට වගකිව හැකි සහ විශ්වාසනීයත්වයක් තහවුරු කල හැකි ව්‍යාපාරයන් ලෙස එම ආයතන නියාමනය කිරීමේ වැඩසටහනක් සංවිධානය කිරීම.
 

3- මේ වන විට Cyber අවකාශය මූලික කර ගනිමින් සිදු වන විවිධ අව ක්‍රියා සම්බන්ධව පවතින නීතී සක්‍රීයව යොදා ගනිමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ඒ හා බැදුනු පාර්ශව සමග එක්ව කටයුතු කිරීම.
 

4- Cyber Discipline සම්බන්ධව විධිමත් නීති පද්ධතියක් මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාපිත නොවීම හේතුවෙන් ඒ සම්බන්ධව කඩිනමින් නීති සකස් කිරීම පිලිබදව නීතිය සම්බන්ධ විවිධ පාර්ශව සම්බන්ධ කර ගනිමින් නව නීතී සම්පාදනය කරමින් එය පාර්ලිමේන්තු පනතක් දක්වා රැගෙන යාමට Lanka Change Makers සමූහයේ මැදිහත් වීම.


මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා Lanka Change Makers සමුහය නියෝජනය කරමින් මාධ්‍යවේදීනී මානෝහාරි හේවාවසම්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී තුෂාරා සෙව්වන්දි විතාරණ සහ සාහිත්‍යවේදී චමින්ද ගුණසිංහ සහභාගී විය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්