විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර තිබේ.



සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ, කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේදී පැන වූ නීති කිහිපයක් ඒ අනුව අහෝසි වන බවයි.

මෙරටට ගුවන් මගින් හෝ වරායකින් පැමිණෙන පුද්ගලයින් කොවිඩ් ආසාදනයට එරෙහි එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම මින් ඉදිරියට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

මීට අමතරව, රටට ඇතුළුවීමට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ කොවිඩ් අසාදිතයෙකු නොවන බවට කළ පරීක්ෂණ වාර්තාව ද මින්පසු ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, මෙරටට පැමිණි පුද්ගලයෙකු රටට ඇතුළුවීමෙන් පසුව කොවිඩ් අසාදිත යැයි තහවුරු වුවහොත්, එම පුද්ගලයා සිය පෞද්ගලික වියදමෙන් දින 7 ක් නිරෝධායනය විය යුතු බවයි.

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්