සියලුම සේවකයන්ට උද්ධමන දීමනාවක් ඉල්ලා වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අද (8 වැනිදා) විරෝධතා දිනයක් පවත්වයි.



රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු සේවකයන් මෙයට එක්වන බවත්, ඔවුන්ගේ ආයතන ඉදිරිපිට දී එදින විරෝධතා පවත්වන බවත්, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.


මහජන දේපොළ විකුණන, අර්බුද බර ජනතාවට පටවන අයි.එම්.එෆ්. යෝජනාවට එරෙහි වෙමු යන්න මෙහි තවත් තේමාවක් බව හෙතෙම කීවේය.


ටෙලිකොම්, රක්‍ෂණ, මුද්‍රණ දෙපාර්තමේන්තුව, තැපෑල, රෝහල් කාර්ය මණ්ඩල, සංවර්ධන නිලධාරීන්, කළමනාකරණ සහකාර, බැංකු, දුම්රිය හා වතු ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිස් මීට එක්වන බව ද ඔහු පැවසීය.


318130355 5513269568785602 4203600513193374711 n

සාමය කැඩුවොත් පොලිසිය සූදානමින්


කවර හෝ කණ්ඩායම් අද (08 දා) සාමය කඩකරමින් විරෝධතා ව්‍යාපාරයන් ක්‍රියාත්මක කරනු ලැබුහොත් අවස්ථානුකූලව ඒ මොහොතේම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඒ. ජී. ජේ. චන්ද්‍රකුමාර ‘දිවයින’ට ප්‍රකාශකර තිබේ.


විරෝධතා ව්‍යාපාරයන් සිදු කරන බවට යම්කිසි සංවිධානයක් ප්‍රකාශ කළ පලියට පොලිස් දෙපාර්තමේන්තුව කලබල නොවන බව ද හෙතෙම පවසයි.


දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට වැඩි කාලයක් පොලිසියට ගතවන්නේ නැතැයි ද හෙතෙම කියා සිටියි.


කෙසේ වෙතත් මෙම විරෝධතා ව්‍යාපාර පිළිබඳ බුද්ධි අංශ තොරතුරු අනුව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, විරෝධතා ව්‍යාපාරවලට පොලිසිය මුහුණ දෙන ආකාරය පිළිබඳ පොලිස් නිලධාරීන්ට උපදෙස් මාලාවක් ලබාදී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියි.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image