සයිබර් හිංසනයට (cyberbullying) ලක්වුවන් වෙනුවෙන් නිසි මගපෙන්වීමක් ලබා දීම සඳහා ඉදිරියේදී තම සංවිධානය සක්‍රියව මැදිහත්වන බව Lanka change
makers පවසයි.
එහිදී විශේෂයෙන්ම කිසියම් පුද්ගලයකු කිසියම් අවස්ථාවක දී ඔහුගේ හෝ ඇයගේ අතිශය පුද්ගලික වීඩියෝ පටයක් වැනි දෙයක් කවර හෝ මගකින් සයිබර් අවකාශය වෙත නිකුත් වී ඇති අවස්ථාවක එම වින්දිතයා වෙනුවෙන් නීතිමය වශයෙන් අවශ්‍ය සහය ලබාදීම පමණක් නොව, නැවත හැකි විගස සාමාන්‍ය පුරවැසියෙකු ලෙස සමාජ ගත වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය මෙන්ම රැකවරණය ලබා දීමට තම සංවිදානය පෙනී සිටින බව Lanka change makers ක්‍රියාකාරික සාහිත්‍යවේදී චමින්ද ගුණසිංහ කියා සිටියි.
මෙවැනි වින්දිතයෙක් සහ ඔවුන්ගේ සමීපතමයින් එවැනි අවසතාවක පත්වන මානසික කම්පනයෙන් සහ කඩා වැටීම් සැලසුම් සහගව කළමනාකරණය කිරීම සඳහා Dear bubble නම් අලුත් සංකල්පයක් ප්‍රවර්දනය කිරීමත්, ඊට අමතරව මෙවැනි සයිබර් අපරාද සම්බන්යෙන් විදිමත් නීතී පද්දතියක් ගෙන ඒම සඳහා රජයට බල කිරීම ඇතුළු තවත් කටයුතු රාශියක් සම්බන්දයෙන් තම සංවිධානය සක්‍රීය ලෙස කටයුතු කරනු ලබන බවත් චමින්ද ගුණසිංහ පවසයි.
ඔහු එම කාරනා සඳහන් කර සිටියේ, කොළඹ "රැඩිකල් සෙන්ටර්" හීදී පෙරේදා (06) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
මෙම මාධ්‍ය සාකච්ඡාව සදහා Lanka Change Makers සමුහය නියෝජනය කරමින් මාධ්‍යවේදීනී මානෝහාරි හේවාවසම්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනී තුෂාරා සෙව්වන්දි විතාරණ සහ සමාජ ක්‍රියාකාරික චතුර රාජපක්ෂ ද සහභාගී වී සිටියේය.
Lanka change makers ?
Lanka change makers සංවිධානය පවතින සමාජ ආරථික දේශපාලන තත්වයන් පිළිබද විසදුම් මූලික පදනමක පිහිටා කටයුතු කරන නව සමාජ එකමතුවක් බව එහි සංවිදායකයන් මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය. පවතින ඕනෑම අර්බුදයක්චන් සම්බන්දයෙන් හුදු විවේචනයන් සිදු කිරීමේ සම්ප්‍රදායික ප්‍රවේශය වෙනුවට, සෑම ප්‍රශ්නයක් සඳහා ම වන විසදුම් යෝජනා ඉදිරිපත් කරමින් පුරවැසියන් සහ පාලකයන් වෙත අලුත් මානයක් විවර කිරීම තම සංවිධානයේ අරමුණ වන බවත් එහිදී අදහස් පලවිය.
ඒ ඔස්සේ යමින් පළමු පියවර ලෙස මේ මොහොතේ විශාල සමාජ ගැටළුවක් බවට පත්ව ඇති සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන පුද්ගල පීඩාකාරී තත්වයන් පාලනය කිරීම සඳහා වන විසදුම් යෝජනා මාලාවක් ඔවුන් ඉදිරිපත් කරයි.
සයිබර් හිංසනය සහ මූලික සයිබර් හිංසන වර්ග 5 ක්
පුද්ගලයෙකුට හිංසා හිරිහැර කිරීම සඳහා විද්‍යුත් සන්නිවේදනය භාවිතා කිරීම සයිබර් හිංසනය (cyberbullying) ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් බිය ගැන්වීම හෝ තර්ජනාත්මක ස්වභාවයේ පණිවිඩ යැවීම ඇතුළුව සයිබර් අඩවියේ සිදුවන හිංසන පුළුල් වශයෙන් පහත ප්‍රභේද වලිට බෙදා දැක්වීමට පුළුවන.
1. යමෙකුට හිරිහැර කිරීම:
# ඊ මේල්, කෙටි පණිවුඩ, ක්ෂණික පණිවිඩ ආදිය භාවිතා කර යමෙකුට හිරිහැර කිරීම, තර්ජනය කිරීම හෝ අපහසුතාවයට පත් කිරීම.
# Facebook ෆේස්බුක්, ට්විටර් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා කටකතා පැතිරවීම, තර්ජන එල්ල කිරීම හෝ ලැජ්ජාවට පත්කරන අන්දමේ තොරතුරු පළ කිරීම.
# Warning “අනතුරු ඇඟවීමේ උපාංග” භාවිතා කිරීම. (බොහෝ අන්තර්ජාල සේවා සපයන්නන් සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි වල නුසුදුසු දෙයක් පවසන පරිශීලකයෙකු වාර්තා කිරීමට ක්‍රමයක් ඉදිරිපත් කරයි. ළමයින් මෙම වාර්තා කිරීමේ බොත්තම් (Report user) භාවිතා කරයි.
# එක් පෙළට කෙනෙක්ට කෙටි පණීවුඩ යැවීම.
2. තව කෙනෙකු ලෙස පෙනී සිටීම:
# වින්දිතයාගේ නැතහොත් බලපෑමට ලක්වූ කෙනාගේ නමට සමාන නමක් යටතේ සමාජ මාධ්‍ය ගිණුමක් සදාගෙන එම පුද්ගලයා සේ පෙනී සිටිමින් නින්දා අපහසාත්මක හා වෙනත් ආකාරයේ ප්‍රකාශ පළ කිරීම.
# වින්දිතයාගේ මුරපදය සොරකම් කිරීම සහ වින්දිතයා ලෙස පෙනී සිටිමින් වෙනත් පුද්ගලයින් සමඟ කතාබස් කිරීම. හිරිහැර කරන්නා වින්දිතයාගේ මිතුරන් හෝ හිතමිතුරන් අමනාප කරවන හා කෝපය අවුස්සන දේ ප්‍රකාශ කරනු ඇති.
# බලපෑමට ලක්වූ කෙනාගේ සමාජ ජාල ගිනුම් වල ඡායාරූප වෙනස් කොට, අසභ්‍ය, ලිංගික, වර්ගවාදී හෝ වෙනත් නුසුදුසු දේවල් ඇතුළත් කිරීම. මෙම ක්‍රියාදාමය සඳහා බලපෑමට ලක්වූ කෙනාගේ ඡායාරූප භාවිතා කිරීම.
# බලපෑමට ලක්වූ කෙනා සේ පෙනී සිටිමින් ළමා අපචාරකයින්ගේ, වෛරී කණ්ඩායම්වල හෝ අසභ්‍ය සංවාද කුටිවල (sex chat rooms) හැසිරීම. මෙහිදී හිංසා කරන්නා වින්දිතයාගේ පුද්ගලික තොරතුරු පවා ලබා දිය හැකිය.
3. ඡායාරූප භාවිතා කිරීම:
# රහසිගත ලෙස පුද්ගලික ස්ථාන වල (ඇඳුම් මාරු කරන ස්ථාන, වැසිකිළි, නාන කාමර ආදියේදී) වින්දිතයාගේ ඡායාරූප ගැනීම.
# රහසිගතව ගත් ඡායාරූප සමාජ ජාල වලට හා පොදු මාධ්‍ය වලට මුදා හරින බවට තර්ජනය කිරීම.
# රහසිගත ලෙස ගත් ඡායාරූප ඊමේල් හා සමාජ ජාල හරහා බහුල ලෙස සමාජගත කිරීම.
# එවැනි පුද්ගලික ඡායාරූප අසභ්‍ය හා කාමුක වෙබ් අඩවි වල පල කිරීම.
# රහසිගතව ගත් ඡායාරූප, නින්දිතයාව ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත්කිරීමට භාවිතා කිරීම.
4. වෙබ් අඩවි, බ්ලොග්, ඡන්ද විමසීම් වැනි තවත් දේ නිර්මාණය කිරීම
# වින්දිතයාට නින්දාව, ලැජ්ජාව හෝ අපහාසය ඇතිවන ආකාරයේ තොරතුරු සහිත වෙබ් අඩවි නිර්මාණය කිරීම.
# වෙබ් අඩවි හෝ බ්ලොග් හරහා වින්දිතයා පිළිබඳ කටකතා, බොරු හෝ ඕපාදූප අන්තර්ජාලය හරහා පතුරුවා හැරීම.
# වින්දිතයාගේ පුද්ගලික තොරතුරු සහ පින්තූර වෙබ් අඩවියක පළ කිරීම මගින් වින්දිතයින් විලෝපිකයන් සම්බන්ධ කර ගැනීමේ අවදානමට ලක් කරයි.
වින්දිතයා ගැන අන්තර්ජාල මත විමසුමක් පැවැත්වීම. කැත ලස්සන, ගඳ සුවඳ කවුද, සිහින් සහ මහත කවුද යන්න ආදී ලෙස ඡන්ද විමසීමේදී ප්‍රශ්න විවිධාකාර විය හැකිය.
# සූදු අඩවි වල, වින්දිතයා ගැන අශෝභන, පහත් හෝ අපහාසාත්මක අදහස් පළ කිරීම.
# වින්දිතයා පිළිබඳ ඔත්තු බැලීම හෝ ඔහුගේ හෝ ඇයගේ පරිගණකය දුරස්ථව පාලනය කිරීම සඳහා වින්දිතයාට වෛරස්, ඔත්තු මෘදුකාංග යැවීම.
5. අපහාසාත්මක තොරතුරු නැවත ප්‍රචාරය කිරීම හෝ නිර්නාමික මඩ ගැසීම:
# වින්දිතයාගේ නම සඳහන් නොකරන ට්වීට් හෝ ෆේස්බුක් සටහන් පළ කිරීම. මෙහිදී එම සටහන කා ගැනද යන්න එම තොරතුරු අනුව කියවන්නාට පසක් වනවා.
# ගුරුවරුන්, පරිපාලකයින් සහ දෙමාපියන්ගේ ග්‍රහණයට හසු නොවන පරිදි, සියුම් ලෙස ප්රකෝපකාරී හැඟීම් අවුස්සනසුළු ප්‍රකාශ සමාජ ජාල හරහා පතුරුවා හැරීම.
(මුලාශ්‍රය : theasianparent.com)
සබැඳි පුවත් :