ශ්‍රී ලංකාවේ සිවිල් නීති ක්ෂේත්‍රයේදී කලාතුරකින් සිදුවන ක්‍රියාවලියක් වන ත්‍රිපුද්ගල මහාධිකරණයක්

සිවිල් නඩු කටයුත්තක් වෙනුවෙන් කොළඹ සිවිල් අභියාචන මහාධිකරණයේදී පවත්වා එහි තීන්දුවද පසුගියදා ලබා දෙන ලදී.

ගාල්ල මහ නගර සභාව සඳහා එක්සත් ජාතික නිදහස් පෙරමුණ පක්ෂයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයෙකු වන සංජීව ලක්මාල් ජයවර්ධන එම පක්ෂයෙන් නෙරපීම වළක්වාගැනීම සදහා ගොනු කොට තිබූ  WP/HCCA/Col/48/2021/LA දරන නඩුකටයුත්ත මහාධිකරණ විනිසුරුවරුන් වන සංජීව මොරායස් සහ මහේන් වීරමන් මහත්වරුන් ඉදිරියෙහි විවාදයට ගන්නා ලද අවස්ථාවේදී සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරු දෙපළ මත දෙකක සිටීම හේතුකොට ගෙන තෙවන විනිශ්චයකාරවරයෙකු පත් කරන මෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් විනිශ්චය මඩුල්ල විසින් සිදු කරන ලදී.

ඒ අනුව තෙවන විනිසුරුවරයා වශයෙන් මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද අතර එකී ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතීඥවරු ස්වකීය වාචික සැළකිරීම් ද සිදු කරන ලදී.

නීතීඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසානයේ මෙම නඩුවෙහි තීන්දුව 2022/11/16 දින ලබා දෙමින් ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අදාළ මන්ත්‍රීවරයා පක්ෂයෙන් නෙරපා හැරීම වළක්වාලීමේ අතුරු තහනම් නියෝගයක් ලබා දීම ප්‍රතිකේෂ්ප කරමින් කොළඹ දිසා අධිකරණය ලබා දෙන ලද නියෝගය ස්ථීර කරන ලදී.

මෙම නඩුවේ පළමුවන වගඋත්තරකාර පක්ෂය සහ දෙවන වගඋත්තරකාර එම පක්ෂයේ මහලේකම් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න වෙනුවෙන් නීතිඥ ඉරේෂ් සෙනෙවිරත්න සමග නීතිඥ මිගාර ගුණරත්න පෙනී සිටි අතර එකී පක්ෂයෙහි විනය කමිටු සභාපති නීතිඥ අශාන් නානායක්කාර සහ සාමාජික චාන් ගොඩකුඹුර වෙනුවෙන් නීතිඥ සහිරු ජාසිංහ පෙනී සිටින ලදී.

පෙත්සම්කාර මන්ත්‍රීවරයා වෙනුවෙන් නීතිඥ සංජීව දසනායක සමග නීතිඥ නිලුම් දේවපුර පෙනී සිටින ලදී.

හුදෙක් විනිසුරුවරු දෙපළ එක මතයකට ස්වයංක්‍රීයව එළඹෙනු වෙනුවට මෙයාකාරයට ප්‍රතිවිරුද්ධ මතවාද විනිසුරුවරුන් අතර සංවාදයට බදුන් වීමම යුක්තිය පසිදලීමේ වෙනුවෙන් වන යහපත් ප්‍රවණතාවක් බව නීතී ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතයයි.

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්