සමකාසන්න, හොඳින් හිරු එළිය ලැබෙන රටක් වන ශ්‍රී ලංකාව මේ වන විට හිරු නොදකින රටක්බවට පත්ව තිබේ.



දිවයිනේ ප්‍රදේශ රැසක බ්‍රහස්පතින්දා (දෙසැ: 08) දහවල් 12 වන විටත් දක්නට ලැබුණේ මන්දාරම් ස්වභාවයකි. වෙනදා දක්නට නොලැබෙන මීදුම් පටලයකින් ද වායුගෝලය වැසී තිබිණි.

වායු තත්ත්ව දර්ශකයට (Air Quality Index) අනුව කොළඹ වායු තත්ත්ව දර්ශකය ඒකක 187ක් ලෙස සටහන් විය. එය සෞඛ්‍යයට හිතකර නොවන තත්ත්වයක් ලෙස වර්ගීකරණයකර ඇත.

වායු තත්ත්ව දර්ශකය සාමාන්‍යයෙන් ඒකක 150ත් 200ත් අතර අගයක පවතින්නේ නම් එය සෞඛ්‍යයට හිතකර නොවේ.

df

හදිසියේ ඇතිවූ මේ තත්ත්වයට බලපා ඇති සාධක මොනවාදැ යි බීබීසී සිංහල සේවය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරිගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, "මේකට ඉන්දියාවේ වායු දූෂණය වගේම ශ්‍රී ලංකාවේ තත්ත්වයත් බලපාලා තියෙනවා. ඉන්දියාව හරහා හමා යන මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම නිසා ලංකාව දෙසට ඒ අහිතකර වායුව ඇදී එන නිසයි මේක වෙන්නේ," යයි කියාය.

545

වැඩි බලපෑමක් සහිත ප්‍රදේශ


ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු දූෂණ කළමනාකරණ ඒකකය පවසන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක මෙම තත්ත්වය දැකගත හැකි වූ බව ය.
ඒ අනුව, කොළඹ, මහනුවර, කුරුණෑගල, වවුනියාව සහ යාපනය යන දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබුණු බව එම සංවිධානය පැවසීය.

මේ පිළිබඳව විවිධ ප්‍රදේශවල දී නිරීක්‍ෂණය කළ පුද්ගලයින් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබිණි.

45

ශ්වසන රෝගීන්ට අවදානමක්


වායු දූෂණය ඉහළ අගයක් ගෙන තිබීම ශ්වසනාබාධ සහිත පුද්ගලයින්ට අවදානම් තත්ත්වයක්බවට ප්‍රධාන විද්‍යාඥ සරත් ප්‍රේමසිරි අනතුරු අඟවයි.

"මේ තත්ත්වය හැමෝටම අහිතකර යි. විශේෂයෙන්ම ශ්වසනාබාධ සහිත පුද්ගලයින්ට අවදානම වැඩියි. ඒ නිසා එවැනි පුද්ගලයන් ප්‍රවේශම් වීම වැදගත්." ඔහු සඳහන් කළේය.


colomboඅද කොළඹ නගරය


අවදානමෙන් මිදෙන්නේ කෙසේ ද?

"අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් පැළඳිය යුතු යි. KN 95 වගේ මාස්ක් එකක් නම් වඩාත් සුදුසු යි," විද්‍යාඥ ප්‍රේමසිරි පැවසීය.

ඔහු අවධාරණය කළේ, ශ්වසන රෝග ඇති පුද්ගලයින් නිවසින් පිටතට නොයාම වඩාත් සුදුසුබව ය.

5455



යථා තත්ත්වයට පත්වන්නේ කවදා ද?

බොහෝ විට සිකුරාදා (දෙසැ: 09) වන විට වායුගෝලය යථා තත්ත්වයට පත්වනු ඇතැ යි විද්‍යාඥ ප්‍රේමසිරි පැවසීය.

"ඉන්දියාව පැත්තට යන සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ. සුළං අඩුවුණාට පස්සේ දූෂිත වායු ශ්‍රී ලංකාවට එන එක අඩුවෙයි."

4775


ඉන්දියාවේ තත්ත්වය

මේ වන විට ඉන්දියාවේ ප්‍රදේශ රැසක දැඩි වායු දූෂණ තත්ත්වයක් පවතියි.

ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත්තේ, නවදිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 387ක් දක්වා ඉහළ ගොස් ඇතිබව ය.

ඉන්දියාවේ අස්වනු නෙළීමෙන් පසු ඉවත දමන ශාක කොටස්වලට ගිනි තැබීම සහ රථවාහනවලින් පිටවන දුම් හේතුවෙන් සෑම වසරකම මෙම තත්ත්වය උද්ගත වේ.

(BBC සිංහල සේවය)

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්