1200 x 80 DMirror

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීමේ දිනය මෙම මස අවසන් සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන්

සභාව පවසයි.


එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා පැවසුවේ පලාත් පාලන ඡන්ද විමසීම් පනතේ 26 වන වගන්තිය ප්‍රකාරව එලෙස දින නියම කිරීම සිදුකරන බවයි.


පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව මාර්තු මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නම්, ජනවාරි මස 05 වැනිදාට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුය.


ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ මස අවසන් සතියේදී නිකුත් කරන බව මැතිවරණ කොමිසම ඊයේ (08) නිවේදනය කළ අතර මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ සඳහා 2022 ඡන්ද හිමි නාම ලේඛනය පළාත් පාලන ආයතන මට්ටමින් සකස් කිරීම අවසන් කර ඇති බවයි.


ඒ අනුව පළාත් පාලන ආයතන 341 ක් සඳහා ඡන්ද හිමි නාම ලේඛන සකස් කළ බව මැතිවරණ කොමිසම පැවසීය.


එබැවින් ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්තා ඇති අතර, ඉදිරි දිනවලදීත් ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

පලාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 10 ක් වැයවනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි. එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී  රත්නායක සඳහන් කළේ එම වැය ඇස්තමේන්තුවට මෙවර අයවැයෙන් අනුමැතිය හිමිවී ඇති බවයි.

 

පොහොට්ටුව අපේක්‍ෂක අයදුම්පත් කැඳවයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවන බව එම පක්‍ෂය පවසයි.


වර්තමානයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන නියෝජිතයන්ට අමතරව නවක අපේක්‍ෂක තරුණ තරුණියන්, සමාජ නායකයින්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින්ට ප්‍රමුඛතාව දීමට බලාපොරොත්තු වන බවත් වර්තමාන දේශපාලන තත්වයට අනුරූපීව නවීන දේශපාලන සංස්කෘතියට ගැලපෙන පරිදි අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරන බවත් පොදුජන පෙරමුණ කියා සිටියි.


දැනට පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරු අතර නීතියට සහ සමාජ සම්මතයන්ට පටහැනිව කටයුතු කර ඇති අයෙක් සිටී නම් නීත්‍යානුකූල පදනමක් මත ඔහුගේ අපේක්‍ෂකත්ව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද තීරණය කර ඇති බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කරයි.

 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය