නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් තරුණයා එළඹෙන 23 වන දා දක්වා

රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


ඒ, සැකකරු අද (දෙසැ. 9) නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවසථාවේදී ය.


සැකකරුගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙස ද අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.


අදාළ තරුණයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් වාර්තාවීමත් සමග වහාම ක්‍රියාත්මකවූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සැකකාර තරුණයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝගකර තිබිණ.


ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු එම සැකකරු අත්අඩංගුවට කටයුතු කරමින් සිටියදී සැකකරු පදිංචිව සිටී ප්‍රදේශයෙන් පලාගොස් අනුරාධපුරය ප්‍රදේශයේ සැඟව සිටිනබව වාර්තාවී ඇත. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී සැකකරු පොලිසියට බාර වී තිබේ.


ඒ අනුව සිද්ධියෙන් පැය 24ක් යාමට පෙර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.


පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරන හෝ පොලිසිය පාච්චල් කිරීමට කටයුතු කරන කිසිවකුට තමා ගෙන් සමාවක් නොලැබෙන බව අමාත්‍යවරයා පසුගියදා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හමුවේ අවධාරණය කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසිය.



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්