2022 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පසුගියදා සූරියවැව ක්‍රීඩාංගණයේදී ආරම්භවුණා. මේ වෙද්දි තරඟ කිහිපයක්ම අවසන් වුණත් මෙවර LPL තරඟාවලියේ කැපී පෙනෙන වෙනස්කම් ගණනාවක්ම දකින්න පුළුවන්.


තරඟාවලිය පැවැත්වෙන්න නියමිතව තිබුණේ මේ අවුරුද්දේ ජූලි මාසයේදි. ඒ වෙනුවෙන් සියළුම කටයුතු සූදානම් කරලා, කණ්ඩායම් තෝරාගැනීම් පවා කරලා තියෙද්දි තරඟාවලිය දින නියමයකින් තොරව කල්දාන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළා.

LPL තරඟාවලියේ සැලකිය යුතු මට්ටමකින් ගුණාත්මකභාවය අඩුවෙලා කියලා පැහැදිලිවම දකින්න පුළුවන්. ඒ නිසා තරඟාවලියේ උණුසුම සහ ජනප්‍රියත්වය අඩුවෙන්න ඒක ප්‍රධානම හේතුවක් වෙලා.

අනිත් පැත්තෙන් කණ්ඩායම්වලට ලබාදෙන පහසුකම්, තරඟාවලිය සම්බන්ධයෙන් කරන ප්‍රචාරණයන් පවා ඉතාම අඩුයි. එහෙම බලද්දි මේ පාර LPL කියන්නේ බොහොම Low Quality Product එකක් කියලා අකමැත්තෙන් වුනත් කියන්න සිද්ධවෙනවා. 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්