ශ්‍රී ලංකාව සහ සැමීබියාව වැනි රටවල ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනම් කිරීම සඳහා
තමා විසින් නැවත නැවත කරන ලද ඉල්ලීමට චීන පාර්ශ්වයෙන් සතුටුදායක පිළිතුරක් ලැබුණු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා (Kristalina Georgieva) ප්‍රකාශ කර ඇත.
ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය, ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් සහ අනෙකුත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල ප්‍රධානීන් පසුගිය දා චීනයේ අන්හුයි පළාතේ දී (Huangshan City, Anhui Province) චීනයේ මහජන බැංකුවේ, චීනයේ මුදල් අමාත්‍යාංශයේ, එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැංකුවේ නිලධාරීහු සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වූහ.
එහිදී ලෝක ආර්ථික තත්ත්වය, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ණය පිළිබඳ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.
එම සාකච්ඡාව පැවැත්වුයේ චීන එක්සිම් බැංකුවේ සහ චීන සංවර්ධන බැකුවේ සභාපතිවරුන් සංවිධානය කර තිබූ රාජකාරී මට්ටමේ භෝජන සංග්‍රහයක් අතරතුර බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
මුලාශ්‍ර :
Statement by IMF Managing Director Kristalina Georgieva on the Seventh “1+6” Roundtable in China
China, IMF pledge to strengthen macro-policy coordination