සමගි ජනබලවේගයේ වාර්ෂික සම්මේලනය බොරැල්ල කැම්බල් පිටියේදී අද (11) පැවැත්වේ. ඒ, සජබ නායක සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ
ප්‍රධානත්වයෙනි.
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ආරම්භයක් ලෙස පවත්වන වාර්ෂික සම්මේලනයට සියලු මැතිවරණ කොට්ඨාශ නියෝජනය කරමින් පාක්ෂිකයින් දහස් ගණනක් සහභාගි වන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසිය.
“වැලලෙන්නේ නැතුව ගොඩයන්න, කරළියට ගොඩවන්න” යන තේමාව යටතේ පක්ෂ සම්මේලනය පස්වරු 02 ට කැම්බල් පිටියේදී ආරම්භ වන බව සමඟි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් පැවසිය.
මෙම සම්මේලනය සියලුම සජබ මන්ත්‍රීවරුන්ගේ ෆේස්බුක් පිටුවල සහ පක්ෂයට සම්බන්ධ සියලුම ෆේස්බුක් පිටුවලින් සජීවීව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කොට ඇතැයි සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පැවසිය.
සබැඳි පුවත් :
11 වැනිදා කොළඹට ලක්ෂ ගාණක් ! - ඔට්ටුවක් අල්ලමුද ?