theleaderlk 01

කටාර්හි පැවැත්වෙන 2022 FIFA ලෝක කුසලානය යළිත් ප්‍රේකෂාගාරය තිගස්වා ඇත. ලෝකයේ පා පන්දු සංකේතයක් වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගේ

පෘතුගාල කණ්ඩායමේ ලෝක කුසලාන ගමන මොරොක්කෝව විසින් ඊයේ (10) නිමා කළේය. ‍


ඒ කටාරයේ අල් තුමාමා ක්‍රීඩාංගනයේ මොරොක්කෝව සහ පෘතුගාලය අතර පැවති තරගයේ දී 1-0 ලෙස පෘතුගාලය පරාජයට පත් කරමිනි.


විශිෂ්ට ක්‍රීඩාවක නිරත වු මෙරොක්කෝ කණ්ඩායමේ යූසෆ් එන් නෙසීරි (Youssef En-Nesyri ) විසින් තරගයේ 42 වැනි මිනිත්තුවේ දී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

fifa d

ජයග්‍රාහී ගෝලය

 

ලෝක කුසලාන  තරඟාවලියක දී අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි සිව්වන අප්‍රිකානු රට බවට ඊයේ මොරොක්කෝ පත්විය. ඔවුන් මෙම දස්කම දැක්වූයේ ක්‍රීඩකයින් 10 දෙනෙක් සමගිනි. ඒ තරගයේ 93 වැනි මිනිත්තුවේ දී මොරොක්කෝ ක්‍රීඩක Walid Cheddira රතු කාර්ඩ්පත පෙන්වා ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමත් සමගිනි.


පෘතුගාල පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තරගය අවසානයේ පිටියෙන් බැස හඬා වැටෙන අයුරු දැකගත හැකි විය.


ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව පෘතුගාලය, 09 වන ස්ථානයේ පසුවන අතර මොරොක්කෝව පසුවන්නේ 22 වන ස්ථානයේයි.




එංගලන්තය පරදවමින් ප්‍රංශය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට


මේ අතර අද අලුයම පැවැති තරගයෙන් එංගලන්තය පරාජය කරමින් වත්මන් ලෝක ශූර ප්‍රංශය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.


කටාර්හී, අල් බෙයිට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල 1ට 0ක් ලෙස පෙරමුණ ගත්තේ ප්‍රංශයයි.


දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකම ගෝලය බැගින් රැස් කළේය.


ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වුණේ, ගෝල 2ට 1ක් ලෙස ප්‍රංශ කණ්ඩායම තරගය ජය ගනිමිනි. තරගයේ 17 වන විනාඩියේදී සහ 78 වන විනාඩියේදී ප්‍රංශය ගෝල වාර්තා කළේය.


නවතම පුවත්