මේ දිනවල පවතින අධික ශීත කාලගුණයෙන් දරුවන්ට පහසුවෙන් රෝග බෝවීමේ හැකියාවක් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.


ඒ හේතුවෙන් අධික ශීතලෙන් දරුවන් ආරක්ෂා කරගන්නා අයුරු විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා 'අද දෙරණ'ට මෙසේ පැහැදිලි කළේය.


"ළමයින්ට අධික සීතල තත්ත්වය ඇති විට රෝග කිහිපයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සීතලත් එක්ක ළමා හතිය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් මේ දවස්වල එළියට ගන්නවා නම් හොඳට ඇඳුමක් අන්දලා හිස්වැසුමක් දලා මේස් දෙකක් දලා එළියට ගන්න. නැතිනම් සීතල ඇතිවීමත් සමගම පහසුවෙන් උණ රෝග බෝ වෙන්න පුළුවන්."


"දූවිලි තත්ත්වය තිබෙන ප්‍රදේශයක නම් මුඛ ආවරණ තවදුරටත් පාවිච්චි කරන්න. අඩු බර නොමේරු දරුවන්ට සීතර එච්චරම හොඳ නෑ. ඒ වගේ ළමුන්ට හොඳට ඇඳුමක් අන්දලා, හිස්වැසුමක් දාලා මේස් දෙකක් දලා තියා ගන්න. අත් දෙකටත් මේස් දෙකක් දාලා රෙද්දකින් ඔතලා තියන්න. නැතිනම් එයාලාගේ ශරීර උෂ්ණත්වය අඩුවෙලා ලෙඩ වෙන්න පුළුවන්."


ශීත කාලගුණ තත්ත්වය ....


ශීත කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, නැගෙනහිර, උතුර, උතුරු මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත්, දකුණු පළාත ආශ්‍රිතවත් ශීත කාලගුණික තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි.


සෙසු ප්‍රදේශ මේ වන විට සාමාන්‍ය උෂ්ණත්වයට පත්වෙමින් ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව ප්‍රකාශ කළේය.


වායු ගුණාත්මකභාවය අද යළිත් පහළට

 

The Leader | We Lead the Nation


මේ අතර ඇතැම් නාගරික ප්‍රදේශවල වායු ගුණාත්මකභාවය යළිත් පහළ ගොස් තිබේ.


අම‍ෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව දිස්ත්‍රික්ක කිහිපයකම වායූ දූෂණ මට්ටම 100 ඉක්ම වූ අගයක ඊයේ දිනයේද පැවතියේය.


ඒ අනුව කොළඹ නගරයේ 191 ක්, බදුල්ල නගරයේ 169 ක්, කෑගල්ල දිස්ත්‍රික්කයේ 155 ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ 146 ක් ලෙස වායූ දූෂණ මට්ටම පැවති අතර 150 කට වැඩි වායූ දූෂණ මට්ටම යනු අයහපත් මට්ටමක් ලෙස ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකය පෙන්වා දී තිබේ.


එමඟින් සංවේදී පිරිස්වලට වැඩි බලපෑමක් මෙන්ම, බොහෝ දෙනාට විවිධ රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකියි.


කුරුණෑගල, ඇඹිපිටිය, රත්නපුර, මහනුවර ආදී නගරවල් වායූ දූෂණ මට්ටම 100 ඉක්ම වූ අගයක ඊයේ පැවති අතර සෙසු ප්‍රදේශවල වායු දූෂණ තත්වය සාමාන්‍ය මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දී තිබේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්