1200 x 80 DMirror

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස නාමල් බලල්ලෙ ද ලේකම්වරයා ලෙස සුජීව නිශ්ශංක ද පත්වූහ.

 


හිල්ටන් හෝටලයේ පැවැත් වූ මහාධිකරණ විනිසුරුවරුන් ගේ සංගමයේ මහා සභා රැස්වීමෙදී 2003 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර පත් කර ගන්නා ලදී.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති නාමල් බලල්ලෙ, උපසභාපත මංජුල තිලකරත්න, ලේකම් සුජීව නිශ්ශංක, උප සභාපති එම්. සහබ්දීන්, භාණ්ඩාගාරික ජයකි ද අල්විස්, සංස්කාරක නයෝමි වික්‍රමසේකර, යන මහත්ම මහත්මීන් තේරී පත්වූහ .

විධායක කමිටු සාමාජිකයන් වශයෙන් දමිත් තොටවත්ත, එම්. ඉලන්චේලියන්, ලාල් බණ්ඩාර පමිල රත්නායක, ලක්මාල් වික්‍රමසූරිය, නිරොෂා ප්‍රනාන්දු, රවීන්දු නානායක්කාර, නයනා සෙනෙවිරත්න, ශිවන්ත මංචනායක, සහ චමත් මදනායක යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.
 

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය