පවත්නා නීති තවත් දැඩි ලෙස ක්‍රියාත්මක කොට ලබන වසරේදී විශ්වවිද්‍යාලවලින් නවක වදය තුරන් කිරීම සඳහා

කඩිනම් පියවර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ "අයවැය සහ රටේ අනාගතය" යන මැයෙන් පැවති විශේෂ සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කළේය.


 ජනාධිපතිවරයා සහ තරුණ තරුණියන් අතර පැවති මෙම සම්මන්ත්‍රණය පසුගියදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණි.

මෙහිදී සරසවි නවකවදය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නවකවදය වහාම නැවැත්විය යුතු බව අවධාරණය කළේය.

නවකවදය යනු නවකවදය ලබාදෙන්නන්ගේ අයිතිවාසිකමක් නොවන බවද ඔහු දැඩි ලෙස අවධාරණය කළේය. සරසවියට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ වගකීමක් යැයි ජනාධිපතිවරයා පැවසීය.

''වර්තමානයේ නවකවදය ක්‍රියාත්මක වන්නේ ඉතා අමානුෂික ලෙසයි.'' ඒ පිළිබඳ විශ්වවිද්‍යාල වගකිවයුතු අංශ නිශ්ශබ්දව සිටීම පිළිබඳ තමා පුදුමයට පත්වන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වදයක් වී ඇති නවකවදය නැවැත්වීමට අවශ්‍ය පියවර නොපමාව ගැනීමට තමා බලාපොරොත්තු වන බවද වැඩිදුරටත් පැවසීය.


විශ්වවිද්‍යාල දේශපාලනේ ඇත්ත නැත්ත ? 
 
නවක වදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එවැනි දැඩි පියවරක් ගැනීමට තීන්දු කරද්දී, සමබිම පක්ෂය එම තීරණය සාධාරණිකරණය කෙරෙන අකාරයේ මතවාදයක් සමාජගත කරමින් සිටියි.

සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න CARBON TV නාලිකාවේ Hit Shot වැඩසටහනට එක්වෙමින් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අකාරය පහත විඩියෝවෙන් බලන්න.

 

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්