අලුතින් ඇමතිවරුන් පත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 290 ක ණය මුදලක් ලබාදීමට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබන ජනවාරි මාසයේදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් අලුතින් අමාත්‍යවරුන් පත්කිරීම ඉන්පසුව සිදු වනු ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ.

කැබිනට් මණ්ඩලය සඳහා අලුතින් ඇමතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට අදාළ ලැයිස්තුවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මීට මාස කිහිපයකට ඉහත දී යවනු ලැබූ නමුත්, ඇමතිවරුන් පත් කිරීම දිගින් දිගටම කල් ගියේය.

අලුතින් ඇමතිවරුන් පත් කිරීම අයවැය සම්මත වීමෙන් අනතුරුව සිදු කෙරෙනු ඇතැයි ද ආරංචි පැතිර ගිය නමුත් එය ද තවදුරටත් කල් යනු ඇතැයි පැවසේ.

කැබිනට් මණ්ඩලය මේ වන විට දහ අට දෙනෙකුගෙන් සමන්විත වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තවත් ඇමතිවරුන් දොළොස් දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව ඇමතිවරුන් දොළොස් දෙනකු අලුතින් පත් කිරීම ලබන ජනවාරි මාසයෙන් පසුව සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.

කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන, කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්, ඒ එල් එම් අතාවුල්ලා යන මහත්වරුන්ට අමතරව සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකු ද පත්කිරීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

මීට අමතරව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉතිරි පිරිස පත්කරනු ඇතැයි දැනගන්නට තිබේ.

 (lankadeepa.lk)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්