කොළඹ කැම්බල් පිටියේදී අද (11) පැවැති සමගි ජන බලවේගයේ වාර්ෂික සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස එහි නායකයා ලෙස යළි ඒකමතිකව තේරී පත්ව තිබේ.

 


මේ අතර සමගි ජන බලවේගයේ සභාපති ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාපත්කර ඇත.

රංජිත් මද්දුමබණ්ඩාර පක්ෂ ලේකම්වරයා ලෙසත්, ආචාර්ය හර්ෂ ද සිල්වා පක්ෂ භාණ්ඩාගාරික ලෙසත් පත්ව තිබේ.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක ලෙස තිස්ස අත්තනායක පත්ව ඇත.

සමගි ජනබලවේගය විනාශ කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් මේවනවිට ක්‍රියාත්මක බව එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සම්මේලනය අමතමින් පැවසිය. සමගි ජනබලවේගයට එරෙහිව කුමන්ත්‍රණ ක්‍රියාත්මක නොකර මැතිවරණයකින් තම පක්ෂය සමග තරග කිරීමට පැමිණෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

“පෙරළියට මඟ කියන කරළියට ගොඩවන්න” තේමාව අනුව අද පස්වරුවේ පැවැති සමගි ජනබලවේගයේ වාර්ෂික සම්මේලනයට පාක්ෂිකයින් විශාල පිරිසක් එක්ව සිටියේය.

 

{gallery}SJB-BORELLA{/gallery}

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image