විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට පහරදීම අනාගතය පිළිබඳ අසුබ ලකුණක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්යක් අතරතුර පහරකෑමට ලක්වූ හිටපු උපකුලපති භූ විද්‍යා

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

පහරදීමෙන් තුවාල ලැබු මහාචාර්යවරයා සහ ඔහුගේ පුත්‍රයා ප්‍රතිකාර ලබා යළි නිවසට පැමිණීමෙන් අනතුරුව "අද දෙරණ" ට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

"විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුට පහරදෙනවා කියන්නේ ඇත්තටම අනාගතය ගැන අසුබ ලකුණක් මොකද ඉදිරියේදී විශ්වවිද්‍යාල සිසුන්ගේ පිරිහීම.. මම අවුරුදු 43ක් විශ්වවිද්‍යාල සේවය කරලා මම මේ මාසයේ විශ්‍රාම යනවා.

විශ්‍රාම යන මාසේ මේක සිද්ධවීම මට හරි කනගාටුයි. ඇඟට වැදුණු මේ වේදනාවට වඩා හිතට හරි වේදනයි. මොකද මේහෙම දෙයක් මෙච්චර කාලයකට මට වුණේ නැහැ. මේකට හේතුව ශිෂ්‍යයින්ගේ පිරිහීමයි.

අන්ත වාමාංශික දේශපාලනය එක්ක ළමයි ගැටගැහිලා. මේ ළමයි හැමදේම හිතන්නේ ඒ ගොල්ලෝ හරි කියලා. කරන්නේම විනාශකාරී වැඩ. ඉතින් ඉදිරියේදී අපේ ආචාර්යවරුන්ගේ අනාගතය භයානක තත්ත්වයක තියෙනවා කියලා මට කියන්න පුළුවන්.

මේ ශිෂ්‍යයින් නෙවෙයි අපරාධකරුවන්. මුළු විශ්වවිද්‍යාලයම පාලනය කරන්නේ මේ අපරාධකරුවන්. ඒ නිසා මම ඉල්ලා සිටිනවා බලධාරීන්ගෙන් විශ්වවිද්‍යාලවල ඒ නීති ක්‍රියාත්මක කරලා. ඔවුන්ගෙන් මේ විශ්වවිද්‍යාල අපට ගලවලා දෙන්න අනාගත පරම්පරාව වෙනුවෙන්."





හිටපු උප කුලපතිට පහරදුන් සිසුන් සොයා විමර්ශන


පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකුට සිසුන් විසින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය විසින් මේවනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

පෙරේදා රාත්‍රියේ පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමියේ පිහිටි හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්නගේ නිල නිවස සිසුන් පිරිසක් වටලා උද්ඝෝෂණයක් සිදුකරන බවට පොලීසියට තොරතුරක් ලැබී ඇත. ඒ අනුව එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් පැමිණ ඇති අතර උද්ඝෝෂණයේ යෙදෙමින් කලහකාරී ලෙස හැසිරෙමින් සිටි සිසුන් 300 ක පමණ පිරිසකට කරුණු අවබෝධ කර ඔවුන්ව විසුරුවා හැර තිබේ.

අනතුරුව සොයා බැලීමකදී අනාවරණ වී ඇත්තේ හිටපු උප කුලපතිවරයාගේ පුත්‍රයා විසින් පදවන ලද මෝටර් රථයක් විශ්ව විද්‍යාල සිසුන්ට අයත් යතුරු පැදි 02 ක ගැටීමක් සිදුව ඇති බව පවසමින් මෙම පිරිස නිල නිවස වටලා කලහකාරී ලෙස හැසිරී ඇති බවයි. එහිදී සිසුන් සිදුකළ පහරදීම හේතුවෙන් හිටපු උප කුලපතිවරයාගේ පුත්‍රයා තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබිණ.

එමෙන්ම හිටපු උප කුලපති මහාචාර්ය අතුල සේනාරත්න ද සිසුන්ගේ පහරදීම හේතුවෙන් පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට මෝටර් රථය සහ යතුරු පැදි 02 පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


සබැඳි පුවත් :
නවකවදයට ලබන වසරේ තිත තියනවා ! - සමබිම පක්ෂය ජනාධිපතිට කඩේ යයි !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්