අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජූලි චංග් ගේ උගුලට හසු වී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එම තානාපතියගේ උපදෙස් මත වැරදි තීරණ

ගැනීම සදහා පෙළඹුනු බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ පවසයි.


ඔහු එබව කියා සිටියේ ඊයේ (11) දින සිදු වූ උත්තර ලංකා සභාගයේ කෑගල්ල සම්ප්‍රාප්තියේදීය.


අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත්  පියවරක් ලෙස, "කෑගල්ල සම්ප්‍රාප්තිය" ඊයේ ( දෙසැම්බර් 11) සවස රුවන්වැල්ල එන්. එම්. පෙරේරා අනුස්මරණ ශාලාවේ දී පැවැත්විණි.

 

මෙම කෑගල්ල දිස්ත්‍රික් සමුළුව අමතා එහි නායක මණ්ඩලය වෙනුවෙන් සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ,  ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී, වීරසිංහ, නියෝජ්‍ය සභාපති, පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල, නියෝජ්‍ය සභාපති, ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු හා අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක පූජ්‍ය අතුරලියේ රතන හිමි අදහස් දක්වූහ. එසේම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ වෙනුවෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය ද මෙම ජනතා සමුළුව ඇමතීය.



ජනපතිට සීමාව මතක් කර දෙයි !


වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහජන ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයෙකු නොවන බවත්, ඔහු අඩුම තරමින් මහජන ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද නොවන බවත් උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මෙම රැස්වීමේදී අවධාරණය කර  සිටියේය.
 

උත්තර ලංකා සභාගයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, වත්මන් ජනාධිපතිවරයා පත්කළ ජනාධිපතිවරයෙකු බැවින් ඔහුට පත්කළ අරමුණෙන් සහ ජනවරමෙන් ඔබ්බට ක්‍රියා කිරීමට අයිතියක් නොමැති බවයි.



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්