පොලී රහිත ණය ලබාදීම වැනි දිරි ගැන්වීම් හරහා ජනතාව අතර සූර්ය පැනල භාවිතය ප්‍රචලිත කරන්නේ නම්

විදුලි බිල වැඩි නොකර මෙම විදුලි අර්බූදය විසඳා ගත හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල සඳහන් කරයි.  

ඔහු මේ බව සඳහන් කර සිටියේ, උත්තර ලංකා සභාගයේ කෑගලු දිසා සමුළුව ඊයේ (11) දින අමතමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

 ''වසර 28,000 ක ට පමණ පෙර අතීතයේ හෝමෝසේපියන් මිනිසා වාන‍රයාගෙන් වෙන් වීමට වෙර දරන සමයේ අළුලෙන, බෙලිලෙන අස්මඩල වැනි ලෙන් ආශ්‍රිතව දැවැන්ත ශිෂ්ටාචාරයක් ගොඩනැගුණේ කෑගලු දිස්ත්‍රික්කයෙන්.  සුද්දොත් එක්ක සටන් කරලා සටන් කරලා හති වැටිලා සුද්දත් එක්ක සටන් කරන එක අතෑරලා දාලා තිබුණු යුගයක සුද්දත් එක්ක සටන් කරලා ජයග්‍රහණය කිරීම හැර වෙනත් විකල්පයක් නෑ කියන එක රටටම කියා දෙමින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් අරඹපු උතුවන්කන්දේ සරදියෙල් හිටියේ කෑගලු දිස්ත්‍රික්කයේ. ඒ වගේම සමාජ සාධාරණත්වය පිළිබඳ සමසමාජ බීජය ලංකාව පුරාම වැපුරවත් එය සරල වැඩුණේ කෑගලු දිස්ත්‍රික්කයේ. දේශීය ආර්ථිකයක් ගොඩනැගීම තම දර්ශනය කරගෙන අඛණ්ඩව අයවැය පහක් ඉදිරිපත් කල, අද මේ රටේ මේ උවදුරට ගොදුරු වන බව දූරදර්ශීව දැක්ක ඒ මහා ප්‍රාඥයා ආචාර්ය එන් එම් පෙරේරා ට දේශපාලන ජීවය ලැබුණේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන්.

ඒ අභිමානවත් කෑගල්ල දිස්ත්‍රික්කයට අපි ආවේ ලක් මව මුහුණ දීලා තියෙන දැවැන්ත අර්බුදයට උත්තර හොයාගන්න. ආණ්ඩුවට දැක්මක් නෑ. ආණ්ඩුවට වගේම සජබටත් සජබට වගේම ජවිපෙටත් මේ අර්බුදයට උත්තර නෑ. උත්තර සොයන්නේ උත්තර ලංකා සභාහය පමනයි කියන එක පණිවිඩය ඔබට ලබාදෙන්න.



ලාභ පාඩු කතා දෙකක්


මිත්‍රවරුනි, ඔන්න ආපහු විදුලි බිල වැඩි කරන්න කතා කරනවා. එසේ මෙසේ ගානකින් නෙවෙයි 70% කින්. එතකොට හිටපු විදුලිබල ඇමතිතුමා කියනවා විදුලි බිල වැඩි කිරීම වැරදියි ඔක්තෝම්බර් මාසයේ විතරක් රුපියල් මිලියන 2000ක් විදුලිබල මණ්ඩලය ලාභ ලැබූ කියලා. විදුලිබලඇමති තුමා කියනවා නෑ නෑ 70% කින් විදුලි බිල වැඩි කරේ නැත්තං මණ්ඩලයට පාඩුයි කියල. මේ කතා දෙකම ඇත්ත. හැබැයි දොම්පෙට යන පාර හොයාගෙන යන හතර බීරි කතාව වගේ දෙන්න කියන්නේ කතා දෙකක්.



ඔක්තෝම්බර් මාසයේ විදුබල මණ්ඩලය මිලියන දෙදහක් ලාභ ලැබූ කතාවත් ඇත්ත. සාමාන්‍යයෙන් අපේ තෙත් කලාපයේ විශේෂයෙන්ම ජලාශ ආශ්‍රිත ප්‍රදේශ වල හොඳටම වහින්න මැයි, සැප්තැම්බර්, ඔක්තෝම්බර්, නොවැම්බර් ඉතින් සෑම වසරකම ඔක්තෝම්බර් මාසයේ විදුලිය නිෂ්පාදනයෙන් 70% කට වඩා වැඩියෙන් කරන්නේ ජල විදුලියෙන්. ජල විදුලිය ලාභ විදුලිය නිසා ඕන අවුරුද්දක ඔක්තෝම්බර් මාසයේ ගත්තොත් විදුලි බල මන්ඩලය ලාබයි. ඒ අතර ජනවාරි පෙබරවාරි මාර්තු තමයි අපේ තෙත් කලාපයේ වියලි කාලය. ජලාශ හිඳෙන කාලේ. ඒ කාලෙට විදුලි නිෂ්පාදනය කරන්න වැඩි වැඩියෙන් රැඳෙන්න වෙන්නේ පිටරටින් ගේන තෙල් මත. මේ කාලෙම තමයි මිත්‍රවරුනි ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙන්නේ. දෙසැම්බර් ජනවාරි පෙබරවාරි තමයි යුරෝපයේ සීත සෘතුව. සීතල උනාම උනාම රත්කර ගන්න වැඩි වැඩියෙන් විදුලිය නිෂ්පාදනය කර ගන්න තෙල් පාවිච්චි කරන කාලේ. තෙල් මිල ඉහළ යනව. ඒ නිසා ඒ කාලේ විදුලිය ඒකකයක් නිෂ්පාදනය කරන්න යන පිරිවැය වැඩි වෙනවා. විදුලි බල මණ්ඩලය පාඩු ලබනවා.

එහෙම බලද්දී 70% කින් විදුලි බිල වැඩි නොකලොත් විදුලිබල මණ්ඩලයට පාඩුයි කියලා කාංචන ඇමතිතුමා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වෙනකොට ඒ ඇතිවෙන පීඩනයෙන් දැනටමත් ජීවන වියදමින් මිරිකිලා ඉන්න ජනතා මත පටවන්න ආණ්ඩුවක් ඕන නැහැ. අපිට ආණ්ඩුවක් ඕනි අපි මිරිකෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න.



විදුලි බිල වැඩි නොකර ජනතාවට පීඩනයක් ඇති නොකර මේ අර්බුදයට උත්තරයක් තියෙනවා. උත්තරය දන්නවා. උත්තරය ක්‍රියාත්මක නොකිරීමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ඇත්තෙන්ම මේ යන විදියට ගියොත් මාර්තු මස පැය 8 කට වඩා විදුලි කප්පාදුවක් කරන්න වෙනවා. ඒක දැන් ඇමතිතුමාත් කියනවා. ඇමතිතුමා කියන්න කලින් මම දෙසැම්බර් පළවෙනි ද මාධ්‍ය හමුවක් තියලා රටට කිව්වා. දැන් ඒක ඇමතිතුමා පිළි අරගෙන තියෙනවා. අඩු ගානේ එක කලින් පිළිගත්ත එක ලොකු දෙයක්. කලින් ලොක්කන්ට මේවා කිව්වම ඒව පිළිගත්තෙ නෑ මිත්‍රවරුනි.

 



හිටපු ජනපති ඉගෙන නොගත් කසකස්ථාන පාඩම

මේ අවුරුද්දේ ජනවාරි මාසේ 10 වෙනිදා ගෝඨාභය ජනාධිපතිතුමා රැස්වීමක් කැඳෙව්වා. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මැතිතුමා, විදුලි බල ඇමැති ගාමිණී ලොකුගේ මැතිතුමා, මම හිටියා නිලධාරීන් රොත්තක් හිටියා. මොකක්ද ප්‍රශ්නෙ. ජලාශ හිඳිමින් පවතිනවා. දැන් විදුලිය අඛණ්ඩව දෙන්න නම් අඛණ්ඩව ඉන්ධන සැපයුම සිදු කරන්න වෙනවා මේක කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරන්නයි කැඳවලා තියෙන්නේ.

මම මේ සාකච්ඡාවේදී කිව්වා මිත්‍රවරුනි අපිට ජලයත් සීමිතයි. තෙල් ගේන්න තියෙන ඩොලර් සීමිතයි. පැය 24 ම විදුලිය දෙන්න ගියොත් අපි අර්බුදයකට යනවා. දැන් ඉඳන්ම අපි පැය දෙක තුනක් විදුලිය කපා ගෙන ගියොත් මේ වියළි කාලේ මාර්තු අගින් අවසන් වෙලා සිංහල අවුරුද්දට වහින්න පටන් ගන්න තුරුම අපිට පැය දෙක තුනක් විදුලිය කපා ගෙන ඉන්න පුළුවන්. දැන් අපි පැය විසිහතරම විදුලිය දෙන්න ගියොත් මාර්තු මාසේ අග වන විට පැය දොළහකට වඩා විදුලිය කපන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි වාහන වලට තෙල් ගේන්න ඩොලර් නැති වෙනවා. වාහන වලට ඉන්ධන ටික දෙන්න බැරිව දවස් ගණන් පෝලිමේ හිටියොත් ජනතාව පාරට බැහැලා ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වෙනවා. කවද මේ කියන්නේ ජනවාරි මාසේ 10 වැනිදා.

kasගෝඨා ඉගෙන නොගත් කසකස්ථාන පාඩම


මම එදා පෙන්නුවා කසකස්තානය. ඊට සති දෙකකට කලින් ජනතාව පාරට බැහැලා තෙල් පෝලිම් වල දවස් ගණන් ඉන්නවා. රජයේ ලොකු ලොක්කෝ වාහනවලින් යනවා. මේවා දැකලා කසකස්ථානය ජනතාව පාරට බැහැලා ආණ්ඩුවේ ගොඩනැගිලි වාහන ගිනි තියන්න පටන් ගත්තා. මම කසකස්තානයේ වෙච්ච දේ ලංකාවේ වේවි කියලා ජනවාරි 10 කිව්වා. නමුත් ජනාධිපතිතුමා ඇහුම්කන් දුන්නේ අපේ මේ තාර්කික ව ඉදිරිපත් කරන කරුණු වලට නෙවෙයි. තමන්ගේ ආදරණීය මල්ලි පොඩ්ඩා බැසිල් රාජපක්ෂය ඇමතිතුමා කිව්ව දේට. අඛණ්ඩව විදුලිය ලබා දෙන්න තීරණය කරනවා. එහි ප්‍රතිඵලය තමයි මාර්තු මාසේ අග වන විට පැය 12ක් නෙවෙයි 13ක් 14ක් විදුලිය කපලා සංචාරක ව්‍යාපාරය බින්දුවට වැටිලා, කර්මාන්ත කඩන් වැටිලා, අන්තිමට ආණ්ඩුවට ගෙදර යන්න  උනේ.

 එදා ඇතුළෙ කිව්වම ඇහුවේ නැති හින්දා, ජනතාව මේ ගැන දැනගන්න ඕන හින්දා ජනවාරි මාසේ 21 වෙනිදා තිබ්බ රැස්වීමකදී මම ඒක ප්‍රසිද්ධියේ කියනවා. අන්න යූටියුබ් එකේ කතාව තියෙනවා. මාධ්‍ය වලාත් ගිහින් තිබ්බා. දැන් අපි ආයෙත් කියනවා. මිත්‍රවරුනි පැය 12ක් විදුලිය දෙන්න පුළුවන් වුණේ ගල් අඟුරු බලාගාරය අඛණ්ඩ වැඩ කරා. ඒක කොයි වෙලාවේ වත් වැහුවේ නෑ. හැබැයි මේ වන විට ගල් අඟුරු සමාගම කියනවා අපිට තව තොග තියෙන්නෙ මාසෙකට එකහමාරකට විතරයි කියලා. ඒ ගල් අඟුරු තොග සපයන්න බැරි උනොතින් තෙල් මිල ඉහළ යන විට  ඩොලර් සීමිත වන විට ජලාශ හිඳුනම මේ වසරට වඩා වැඩි අර්බුදයකට ආණ්ඩුවට යන්න වෙනව. දැන්ම ඉඳන්ම උත්තර ගෙව්වෙ නැත්තම්.



මිල වැඩි නොකර විදුලි අර්බූදය විසදන්නේ කොහොම ද?

මොකක්ද උත්තරේ. ඇමතිතුමා කියන විදියට තෙල් වලින් විදුලිය ඒකකයක් හදන්න රුපියල් අනූ පහක් යනවා. ඒක හින්දා එකේ බර ජනතාවට පටවනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ කියලා. 70% කින් විදුලි බිල වැඩි කරන්න වෙනවා කියලා. නමුත් මිත්‍රවරුනි අපිට සූර්ය පැනල භාවිතා කළ හැකියි. හැමෝටම නෙවෙයි. විදුලි ඒකක විශාල ප්‍රමාණයක් භාවිතා කරන විශාල නිවාස, කාර්යාල, කර්මාන්ත, හෝටල් මේ අයට අපි දෙනවා තමන්ට අවශ්‍ය විදුලිය තමන්ටම නිෂ්පාදනය කරන්න. මහන්සි වෙන්න දෙයක් නෑ වහල උඩ සූර්ය පැනලය හයි කරගත්තම ඉබේ ඒක වෙනවා.


බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී කියලා. කියන දේ කරන්න කරන කරන දේ කියන්න කියලා. අපි මුලින්ම පටන් ගත්තා. අපේ පක්ෂ කාර්යාලයේ සූර්ය පැනල අපි හයි කරා . හොඳටම වැස්ස ඔක්තෝම්බර් මාසයේත් අපේ සියලුම විදුලි අවශ්‍යතා සම්පූර්ණ කරලා විදුලිබල මණ්ඩලයට අතිරික්තයක් විකුණලා තියෙනවා. දැන් පක්ෂට ආදායමක් එන වැඩක් විදියට එක පත් වෙලා තියෙනවා.



 දැන් මේ අය කියනවා සූර්ය පැනල හයි කරාම අපේ පද්ධතියට හැකියාවක් නෑ විදුලිය අරගෙන අවශ්‍ය තැනට ගෙනියන්න. ආයතන, හෝටල්, කාර්යාල, දැවැන්ත නිවාස වලට තමන්ට අවශ්‍ය විදුලිය තමන්ට ගන්න බැටරිය සහිත සූර්ය පැනල පද්ධතියක් අවුරුදු 20ක වගකීමක් එක්ක ගත හැකියි රුපියල් ලක්ෂ තිහකට. හැමෝම නෙවෙයි කරන්න පුළුවන් මනුස්සයා ඒක අරගෙන තමන්ට අවශ්‍ය විදුලිය තමන් නිපදවා ගත්තම විදුලි පද්ධතියේ තිබෙන ඉල්ලුම අඩු වෙනවා. තියෙන ජලයෙන් ගල් අඟුරු වලින් අඩු වියදමෙන් ඉතුරුවෙලා තියෙන අයට විදුලිය සපයන්න විදුලි බල මණ්ඩලයට පුළුවන් වෙනවා.

 ඇයි මේ විසඳුම ක්‍රියාත්මක කරන්න නැත්තෙ. මහ දෙයක් නෙවෙයි කරන්න තියෙන්නේ. තමන්ට අවශ්‍ය දේ තමන්ටම නිපදව ගන්න තියෙන්නෙ. සූර්ය පැනල ගන්න පොලිය නැති ණයක් ලබා දෙන එකනේ කරන්න තියෙන්නේ. ඒක කරන්න සල්ලි අච්චු ගැහුවත් කමක් නෑ. රටෙන් එළියට ඇදෙන ඩොලර් කන්දරාව දිහා බලද්දි. පැය ගණන් විදුලිය කපල සංචාරක ව්‍යාපාරය කර්මාන්ත කඩා වැටෙණ දිහා බලද්දි. පුංචි දරුවෙක්ට පොතක් පතක් කියව ගන්න අවස්ථාව අහිමි වීමේ අභාග්‍යය දිහා බලද්දි. සල්ලි අච්චු ගහලා හරි මේ සල්ලි ටික දුන්නට කිසිම පවක් නෑ.



ආණ්ඩුව ඇතුළේ මාෆියාවක්

නමුත් ආණ්ඩුව එහෙම කරන්නේ නෑ. කරන්නෙ නෑ නෙවෙයි කරන්න බෑ. හේතුව තමයි ආණ්ඩුව ඇතුළේ ක්‍රියාත්මක වෙනවා මාෆියා වල් දෙකක්. එකක් තමයි විදුලි මාපියාව. අනෙක් එක තමයි තෙල් මාපියාව. මොකක්ද මේ 2. මිත්‍රවරුනි මේ අවුරුද්දේ මුල් මාස වල අපි තෙල් ගෙනාවෙ ණයට. මාස තුනේ ණය, මාස හයේ ණය, මාස නවයෙ ණය යනාදී වශයෙන් අපි තෙල් ගෙනාවේ. ණයට දීමේ ආදීනව තිබිලත් අපි තෙල් බැරලයක් ගෙනත් තියෙන්නේ ප්‍රිරිමියන් එකක් නැත්නම් අධි මිලක් ගෙවලා තියෙන්නේ ඩොලර් 5යි එක බැරල් එකට. අද තෙල් වලට සල්ලි ගෙවලා ගන්නේ. කවුරුවත් ණයට දෙන්නේ නෑ.  අද ප්‍රිමියම් එක ගෙවනවා ඩොලර් 25 ක්. ප්‍රීමියම් එක නැත්නම් අධිමිල පස් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. අධිමිල කියන්නේ මිත්‍රවරුන තෙල් බැරලයක් ගේන්න නැව් ගාස්තු,  රක්ෂණයයි, සැපයුම්කරුගේ ලාභයයි. මේක පස් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. අපිට බිල් වැඩි කර කර අපේ හූරගෙන කන ඒ මුදල් සම්භාරය කාගේ සාක්කුවටද යන්නේ කියන එක සොයා බැලීමේ අයිතිය අපි හැමෝටම තියෙනවා. මේ හොරකම් කරන්නේ අපි බොහෝ මාරුවෙන් හම්බකරගන්න සල්ලි. ඔය ඇවිල්ලා තෙල් මාපියාව.

 ඊළඟට තියෙනවා විදුලි මාපියාව. ඒ කියන්නේ මිත්‍රවරුනි පායන කාලයේදී පුංචි පුංචි බලාගාරය තියෙනවා ඉන්ධන වලින් දුවන. මේ අය ඇවිල්ල කියනවා අපෙන් විදුලිය ගන්නවනම් ඒකකයක් ගන්න මෙච්චර ගානකට නැත්තං අපි දෙන්නෙ නෑ. ආණ්ඩුව විදුලි බල මණ්ඩලය දණගහලා ඇත්ත වියදම වගේ දෙතුන් ගුණයක් ගෙවලා මේ විදුලි මාෆියාවෙන් පායන කාලෙට විදුලිය ලබා ගන්නවා. මහා දැවැන්ත මුදලක් ගෙවලා. ඒවා නතර කරන්න කාටවත් බැරි වෙලා තියෙනවා.  මෙන්න මේ මාපියා දෙකේ බර තමයි අද අපේ  සාක්කු වලින්වි දුලි බිල විදිහට එළියට ඇදෙමින් පවතින්නේ.



ටයිටැනික් ආණ්ඩුව

ප්‍රශ්නය අපි දන්නවා උත්තරයක් දන්නවා. අවාසනාවකට උත්තරේ ක්‍රියාත්මක කිරීමේ කැපවීම හැකියාව මෙය ආණ්ඩුව පෙන්නලා නෑ. මිත්‍රවරුනේ මේ ආණ්ඩුවට දර්ශනයක් නෑ දැක්මක් නෑ, වැඩපිළිවෙළක් නෑ. ගිලෙන නැවක් වගේ තමයි මුහුදෙ තියෙන. ටයිටැනික් නෞකාව ගිලෙද්දි නෞකාව බේර ගන්නේ කොහොමද කියන එකට වඩා නැවේ කපිතාන් කිව්වේ අපිට වෙන විකල්පයක් නැහැ නැව ගිලෙනකන් අපි විනෝදයෙන් ඉමු කියලා. සියලු කෑම දෙන්න කියලා කෝ කියන්ට කිව්වා. සියලු සංගීතයන් වාදනය කරන්න කිව්වා. අපි සින්දු කියමින් මරණය වැළඳ ගමු මහ සයුරේ පතුලේ දී කියලා තමයි කපිතාන් කිව්වේ. හරියට ගිලෙමින් පවතින ටයිටනික් නෑවයි මේ ආණ්ඩුවයි අතර කිසිම කිසි වෙනසක් නෑ කියලා අපි දකිනවා මිත්‍රවරුනි.


ආණ්ඩුවට දැක්මක් නෑ. ඒ විතරක් නෙවෙයි විපක්ෂයටත් දැක්මක් වැඩපිළිවෙළක් නෑ. මේ අය කරන්නේ ආණ්ඩුව විවේචනය කර කර ඉන්න එක විතරයි. දැන් මේ පාර්ලිමේන්තුවේ තිබ්බා අයවැය විවාදය කියලා එකක්. තමුන්නාන්සේලාගේ බදු මුදල් කෝටි ගණනින් නාස්ති කරමින් අන්තිමට එතැන සිද්ධ වුණේ රටවල් ගඳ ගසමින් ගලි බවුසර් හැප්පෙන එක විතරයි. කිසිම හරවත් සංවාදයක් පාර්ලිමේන්තුව තුළ වුණේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුවේ සිදුවිය යුතු ඒ හරවත් සංවාදය මහ පොළවට අරගෙන ඇවිත් රටේ ප්‍රශ්න වලට උත්තර සොයන්න තමුන්නාන්සේලාට ආරාධනා කරනවා.

 

 

  


 The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්