පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්නට

හා ඔහුගේ පුතා ඇතුළු පවුලේ උදවියටත් පහරදී නිල නිවසට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් පරීක්ෂණයක් ආරම්භ කරමින් සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අත්හිටවූ බව එම විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති, මහචාර්ය ටෙරන්ස් මදුජිත් පවසයි.

මහාචාර්ය අතුල සේනාරත්න ගේ නිල නිවසේ සවිකොට තිබූ ආවේක්ෂණ කැමරා දර්ශන සහ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි නිලධාරීන්ගේ තොරතුරු මත එම සිසුන් දස දෙනා හඳුනාගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි එම සිසුන් දොළොස් දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගත් බවයි.

සිද්ධියට සම්බන්ධ සිසුන් තවදුරටත් හඳුනා ගනිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඉදිරියේදී තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි බව ද පැවසීය.

එසේ ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් ශාස්ත්‍ර පීඨය සහ විද්‍යාපීඨයේ අධ්‍යාපනය හදාරන සිසුන් බව ද මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පැවසීය.

විශාල සිසු පිරිසක් මානසික ආතතියට ලක්ව සිටින බවත් ඒ වෙනුවෙන් මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රම හඳුන්වා දීම ඇතුළු වැඩසටහන් ගණනාවක් විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක කරන බව ත් ඔහු ප්‍රකාශ කළේ ය.

මහපොළ ශිෂ්‍යත්වයට අමතරව විශ්වවිද්‍යාල සිසුන් 700කට පමණ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබා දීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිදු කරන බව ද ඔහු කීය.

මෙම ප්‍රහාරය විශ්වවිද්‍යාල ආචාර්යවරු වශයෙන් දැඩිව හෙළා දකින බව ද නියෝජ්ය උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසීය.

පේරාදෙණිය සරසවි සිසුන් පිරිසක් විසින් සිදුකළ මෙම ම්ලෙච්ඡ ප්‍රහාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.




සබැඳි පුවත් :

සිසුන්ගේ ප්‍රහාරයට ලක්වූ හිටපු උපකුලපතිගෙන් අනතුරු ඇඟවීමක් !

නවකවදයට ලබන වසරේ තිත තියනවා ! - සමබිම පක්ෂය ජනාධිපතිට කඩේ යයි !




මැර සිසුන් හිටපු උප කුලපති නිල නිවස බිඳින අයුරු 

 

  


 The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්