“රටේ මිනිස්සුගේ ප්‍රශ්න කතා කරන එකට කියන්නේ ත්‍රස්තවාදය නම් අපි ලෑස්තියි තව හිරේ ඉන්න”

යැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කාර වසන්ත මුදලිගේ අද ( දෙසැම්බර් 12 වැනිදා ) ප්‍රකාශ කළේය.


ඒ, ඔහු යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව බන්ධනාගාර බස් රථයට නංවාගෙන රැගෙන යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
 



ඔහු කියා සිටියේ “තක්කඩි ආණ්ඩුව ඉස්සරහා දණ ගහන්නේ නැහැ. රටේ මිනිස්සුගේ ප්‍රශ්න කථා කරන එකට කියන්නේ ත්‍රස්තවාදය නම් අපි ලෑස්තියි තව හිරේ ඉන්න. තක්කඩි ආණ්ඩු ඉස්සරහා අපි දණ ගහන්නේ නැහැ.” ඔහු අවධාරණය කළේය.

නීතිපතිවරයාගේ උපදෙස් ලැඛෙන තුරු, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කාර වසන්ත මුදලිගේ හෙට (13) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (දෙසැම්බර්) නියෝග කළේය.

ඒ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

wm

නීතිපතිවරයා පෙර නඩු දිනයේ කළ ඉල්ලීමකට අනුව නඩුව අද කැඳවූ අතර බන්ධනාගාර නිලධාරීන් විසින් වසන්ත මුදලිගේ අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පවත්වන ලද විමර්ශන වලින් 60% ක් පමණ මේවන විට අවසන් කර ඇති බව ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණට දැනුම් දෙන ලදි.

වසන්ත මුදලිගේට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැණෙන වැරදි කිසිවක් ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියා සිටියේය.

විමර්ශන ඕනෑ කමින් ප්‍රමාද කරන බවද ඔහු පෙන්වා දෙනු ලැබීය.

නඩුව හෙට දහවල් 12ට නැවත කැඳවීමට නියමිතය.

zhfli

මේ අතර වසන්ත මුදලිගේට ඇප ලබාදීමට කැමැත්ත පළ කිරීමට ශ්‍රී ලංකා නීතිපතිවරයා තවදුරටත් ප්‍රමාද නොකළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කළේය.

මේ අතර කුරිරු නීතියක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මුදලිගේට එරෙහිව ඇති සියලුම ත්‍රස්ත චෝදනා වහාම ඉවත් කළ යුතු බව ක්ෂමා සංවිධානය අවධාරණය කරනු ලැබීය.
 

 
 
අලුත්කඩේ උසාවිය අසල නිහඬ විරෝධතාවක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට ඉල්ලා විශ්ව විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල අද (12) නිහඬ විරෝධතාවයක් පැවැත්වීය.

ඔවුන් බැනර් ඡායාරූප ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරතවුහ.

zxdfe


(උපුටා ගැනීම් - BBC සිංහල සේවය )
 

 
අලුත්කඩේ උසාවිය අසල නිහඬ විරෝධතාවක්


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙසට ඉල්ලා විශ්ව විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් අලුත්කඩේ උසාවි සංකීර්ණය අසල අද (12) නිහඬ විරෝධතාවයක් පැවැත්වීය.

ඔවුන් බැනර් ඡායාරූප ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරතවුහ.

 zdfw

 


 The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්