සජිත් ප්‍රේමදාස හෙට (21) 'සිරිකොත' එජාප මුලස්ථානයේදී පාක්ෂිකයින් හමුවීමට නියමිත බව හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහු ප්‍රසිද්ධියේ ජනතාව හමුවන අවස්ථාව මෙයයි. සජිත් ප්‍රේමදාසගේ යලි දේශපාලන සම්ප්‍රාප්තිය ගැන දැනුම් දීම සඳහා හරින් ප්‍රනාන්දුගේ නිවසේදී අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවීමට ද නියමිතය.  
WhatsApp Image 2019 11 20 at 8.54.02 AM
සජිත් අපේක්ෂකයා නොවෙන්නට .......

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ඡන්ද - 6,924,255 ලබා ගනිද්දී ඡන්ද - 5,564,239ක් ලබා ගත් සජිත් ප්‍රේමදාස ලැබූ පරාජය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ අදහස් සංසරණය වෙමින් පවතින අතර 
කේ. සුජීව සිය FB පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ.

''සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා නොවෙන්නට මේ සටන මේ තරම්වත් දුරක් නොඑන බව පැහැදිලිය. සිංහල බහුතරයක් ජනතාව ඉතිහාසයේ පළමු වතාවට තමන්ට අන් ජාතීන්ගේ සහායෙන් තොරව ජනාධිපතිවරයෙක් සාදන්නට පුලුවන් බව ඔප්පුකර හමාරය. මේ රැල්ල හමුවේ සජිත් ප්‍රේමදාස මේතරම්වත් දුරක් පැමිණීම එක්තරා දුරකට විශ්මයක් ය. 

ඔහුගේ දේශපාලන අනාගතය මෙයින් නිමා නොවෙනු ඇතැයි සිතමු.. එහෙත් ඔහු පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය අගය කළ යුතුය. වර්තමාන නායක රනිල් වික්‍රමසිංහටද මෙය හොඳ ආදර්ශයක් ය.

පාස්කු ප්‍රහාරයෙන් පසු....

පාස්කු ප්‍රහාරයෙන් පසු ඇතිවූ මේ තත්ත්වය තුළ සුසමාදර්ශී වෙනසකට සමාජය ගමන්කර ඇත. දැන් මේ රැල්ලේම පිහිනමින් අවැසිනම් දකුණට තනි පක්ෂ දේශපාලනයකට යා හැකිය. ඉනානතුරුව ලී ක්වාන් යූ පාලනයක්ද ගෙනා හැකිය!! එලබෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එම අවස්තාවද උදාවනු ඇත. 

2015 ජනවාරි 8 විප්ලවය බුද්ධිමත් පුරවැසියා ආපසු හරවා ඇත. දැන් ගෝඨාභයට අවැසිනම් 18 ව්‍යවස්ථාවට නැවත යා හැකිය.

ඇතිවුණ මේ රැල්ලට තවමත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ ද වගකිව යුතුය. දැන් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහටද අගමැති ධුරයෙන් මෙන්ම පක්ෂ නායකත්වයෙන්ද ඉවත්වී විවේක සුවයෙන්, විශ්‍රාම සුවයෙන් තමන්ගේ යහපාලන කෙරුවාව ගැන පොතක් ලියන්නය. සාගල රත්නායකට එයට ළඟින් හිඳ උදව් කරන්නට උවටැන් කරන්නට හැකිවේවා යැයි පතමු. 

වර්තමාන ආණ්ඩුවද වහාම ඉල්ලා අස්වී නව ජනපතිවරයාට අභිමත ආණ්ඩුවක් පත්කරගෙන ඉතිරි පාර්ලිමේන්තු කාලය රට පාලනය කරන්නට අවස්ථාව දිය යුතුය.''

ප්‍රජාතන්ත්‍රවාදීන් අපට වටින්නේ මේ නිසයි.

ඒ අතර හර්ෂ උදයංග සමරසිංහ සිය FB පිටුවේ පළකර ඇති පොස්ටුවක මෙසේ සඳහන් වේ.


සබැඳි පුවත් :
''හිතාදර සජිත්, ඔබට මෙතැන සිට ඇත්තේ නව ඇරඹුමකි'' - කමල් අද්දරආරච්චි 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්