උතුර කොළඹ කොට්ඨාසයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් ප්‍රජා උපදේශන සැපයීමේ කටයුතු

වැඩසටහනක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්නකොන් පවසයි.


එම වැඩසටහනට අදාළව එම කොට්ඨාසයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් 1,200ක පමණ පිරිසකට අදාළ සේවා සැපයීම ආරම්භ කළ බව ඔහු සඳහන් කළේය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්නකොන් මෙසේ පැවසිය.

'' කොළඹ උතුර කොට්ඨාසයේ, 1200ක් තෝරාගත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ව. මෙහිදී ඔවුන් තමන්ගේ නිවෙස් තුළ ඉන්නකොටම අපි පුහුණු කරපු අය,  කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාගේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න මනෝ වෛද්‍ය උපදේසකවරුන්ගේ සහාය ලබාගෙන නිවසේ තුළ දීම ඇබ්බැහිවු පුද්ගලයා පවුලේ අය සමග සාකච්ඡා කරලා ඒ අයව මත්ද්‍රව්‍යවලින් අයින්කර ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා.''


 The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්