ඉතාලියේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉතාලියේ ලාංකිකයෝ මහත් හරසරින් පිළිගනු ලැබූහ.



රෝම, නාපෝලි, කතානියා, ෆිරෙන්සි හා මිලානෝ හි ජනහමු කිපයක් සදහා අනුර කුමාර දෙදින සංචාරක නිරත විය. ඔහු පිලිගැනිමට හා ජන හමු සදහා විශාල පිරිසක් සහභාගි වූහ.


ශ්‍රි ලාංකික දේශපාලකයකු සහභාගිවු ජනහමුවක් සදහා ඉතාලියේ මෙවන් පිරිසක් පැමිණි හා විශාල තරුණ තරුණියන්ගේ සහභාගිත්වයක් දැක්නට ලැබුණු ප්‍රථම අවස්ථාද මෙය බව ඊට සහභාගී වුවෝ පවසති.


මිලානෝ නගරයේ ජනහමුව ඇමතු දිසානායක මෙසේ පැවැසීය.


"අපේ රටේ ආණ්ඩුව පෙරළිවලදී ඒ රැල්ල ඒ ප්‍රවණතාව හැදුවේ විදේශගත ශ්‍රී ලාංකීයන් බව අප කවරුත් දන්වා. අද මෙහි රැඳී සිටින සියලු දෙනාගෙන් එහෙම නව පෙරළිට සූදානම් බව පෙන්නුම් කරනවා .මෙතන ඉන්න අය ඉතාලියට ආවේ නැවත යන්න බලාගෙන. නමුත් එහෙම යන්න බෑ ඔබට ඉතාලියට එන්න වෙලා තිබෙනවා . ඔබට ආර්ථික ගැටලුව නො තිබුණත් තම මාතෘභූමිය ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන මොහොතක තම රට ගැන හැඟීමක් ආදරයක් තම රට අලුත් දිසාවකට යොමු කිරීමට හැඟීමක් ඇතිවී තිබෙනවා."


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ආණ්ඩුක්‍රමට ව්‍යවස්ථා වෙනස් කිරීම, නීතිය විධානය ආධිපත්‍යය සුරකින රටක් ඇති කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම,ලෝකයත් එක්ක පිළීගන්න රටක් බවට පත් කිරීම,දූෂිතයන්ට දඬුවම් දීම වැනි දෙවල් ජාතික ජන බලවේගයේ ප්‍රධාන අරමුණ බව ද වැඩි දුරටත් පැවසීය.

WhatsApp Image 2022 12 12 at 12.11.57 PMWhatsApp Image 2022 12 12 at 12.11.57 PM 1


''රට ගොඩනැගීමේදී විදෙස්ගත ශ්‍රමිකයන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා ''


ශ්‍රී ලංකාව මේ වනවිට ඇද දමා තිබෙන ප්‍රපාතයෙන් යළි ගොඩ නැගීමේදී සාමුහික ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බවත් එම සාමූහික ක්‍රියාකාරීත්වයේ ප්‍රමුඛ කාර්යභාරයයක් විදෙස් ගත ශ්‍රමිකයින්ට කළ හැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඉතාලියේ නාපොලි නගරයේ පසුගිය 10 වෙනිදා පැවති හමුවකදී අවධාරණය කර සිටියේය.


එම අවස්ථාවට ශ්‍රී ලංකිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර එරට වාමාංශික පක්ෂ නියෝජනය කරමින් ආරාධිතයන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටියහ.





(ෂමින් පණ්ඩිතරත්න - ඉතාලියේ සිට)



The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්