පකිස්තානයේ පැවති 2022 ආසියා ෆැසිපික් තොරතුරු තාක්ෂණ තරගාවලියේ ( Asia Pacific ICT Alliance Award - 2022 - APICTA Award ) ශ්‍රී ලංකාව

නියෝජනය කරමින් එයට සහභාගී වූ සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායම එහි රන් සම්මානය දිනා ගැනීමෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.


ආසියා ෆැසිපික් කළාපයේ රටවල් 17 ක සහභාගීත්වයෙන් දෙසැම්බර් 5 සිට දෙසැම්බර් 12 දක්වා මෙම තරගාවලිය පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර දී පවත්වා තිබුණි.


සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සන්නිවේදන තාක්ෂණ අංශයේ සේවය කරන නිලධාරීන් තිදෙනකු විසින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් පරිපාලනය සහ කළමනාකරණය කිරීම සදහා "සිප්තතු" නැමැති මෘදුකාංගය නිර්මාණය කර මෙම තරගාවලිය සදහා ඉදිරිපත් කර තිබුණි.


National ICT Awards NBQSA – 2022 රන් සම්මානය ජාතික මට්ටමින් ලබා ගනිමින් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වීමට වරම් ලැබූ සිප්තතු කණ්ඩායමේ අනුරාධ, ලක්මාල්, අන්ෆාස් විසින් මෙම තරගයේ ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත.

 

318758537 10226486771587371 4811949066415587018 n

318478242 10226486772707399 8016467670471589253 n


මෙම මෘදුකාංගය මගින් ගුරු තොරතුරු කළමනාකරණය, ස්ථානගත කිරීම්, ගුරු තුලනය, වාර්ෂික ස්ථාන මාරු වීම්, අනුයුක්ත කිරීම්, තොරතුරු ලැයිස්තු ලබා දීම් සහ කාර්යය මණ්ඩල නියාමනය යන පරිපාලන සහ කළමනාකරණ කාර්යයන් ඉතා කාර්යක්ෂම ඉටු කර ගත හැකිය.


මෙම මෘදුකාංගය රාජ්‍ය ආයතනයක් විසින් නිර්මාණය කර සංවර්ධනය කර තිබීම පකිස්තානයේ අධ්‍යාපන සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරුන්ගේ ප්‍රසංශාවට හා ඇගැයීමට ද ලක් විය.


2017 වර්ෂයේ දී ආරම්භ කළ මෙම පද්ධතිය සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ සබරගමුව පළාත් සභාවයි.

jhjas106412004 566169070741622 8187056589202683413 n

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්