පේරාදෙණිය විශ්ව විද්‍යාලය දින කිහිපයකට වසා දමා හෝ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න ට හා ඔහුගේ නිවසට පහරදී සරසවිය තුල

සැඟවී සිටින  සිසුන් අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක අංශවලට නියෝග ලැබී ඇතැයි වාර්තාවේ.


අද (13) පෙරවරුවේ පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා වී ඇතැයි පැවසේ.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඇතුළු අදාළ සියලු බලධාරීන්ට මේවනවිට නියෝග කර ඇත.


මින් ඉදිරියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙවැනි සිද්ධිවලට මුහුණ දීමට ඉඩ නොතැබිය යුතු බව ද ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ට දැනුම් දී ඇත.


හිටපු උපකුලපතිවරයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ වාර්තාව ලැබුණු ඒ පිළිබඳව ගන්නා ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.


සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසියි !


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න ට සහ ඔහුගේ නිවසට පසුගිය 10 දා දිනයේ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් පහර දී අලාභ හානී සිදුකර තිබුණි.


එදින රාත්‍රියේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇත.


පසුව අදාළ සිසුන් පිරිස පැමිණ මහාචාර්ය අතුල සේනාරත්න ට සහ ඔහුගේ නිවසට පහර දී ඇත.


කෙසේවෙතත් පහරදීමට සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කළ බව එම විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර පැවසුවේය.


සිසුහු 6 දෙනෙකු අත්අඩංගුවට


මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලත් සිසුන් හය දෙනෙකු පේරාදෙණිය පොලිසියට ඊයේ  (12) රාත්‍රියේ භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ .

එම සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව, මාතලේ, සඳලංකාව, හේනේගමුව, ගිරිඋල්ල, ප්‍රදේශවල පදිංචි සැකකරුවන් ය.


එම සිද්ධියට සම්බන්ධ සිසුන් දොළොස් දෙනෙකු මහාචාර්යවරයාගේ නිවසේ සවිකොට තිබූ ආවේක්ෂණ කැමරාවලින් හඳුනාගෙන ඇති අතර ඒ අනුව තවත් සිසුන් හය දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය .

 







සබැඳි පුවත් :


පේරා හිටපු කුලපතිට පහරදුන් සරසවි සිසුන් 12ක් දොට්ට

නවකවදයට ලබන වසරේ තිත තියනවා ! - සමබිම පක්ෂය ජනාධිපතිට කඩේ යයි !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්