ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන’ උළෙල මෙවර ගල්කිස්ස මහ හෝටලයේ ‘එම්පයර්

බෝල්රූම්’ ශාලාවේදී ඊයේ (13) පස්වරුවේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.


මෙම සම්මාන උළෙල මෙවර පැවතියේ 23 වැනි වරටය.
 

‘සන්ඩේ අයිලන්ඩ්’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මණික් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් උළෙල පැවැත්විණි.
 

මෙහිදී වසරේ හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (සිංහල) සඳහා හිමි සම්මානය www.lankadeepa.lk (ලංකාදීප) වෙබ් අඩවියට හිමි විය.
 

හොඳම වෙබ් අඩවි නිර්මාණ සැලසුම (ඉංග්‍රීසි) සඳහා හිමි සම්මානය හිමි වූයේ www.dailymirror.lk වෙබ් අඩවියටය.
 

එහි කුසලතා සහතිකය (ඉංග්‍රීසි) www.ft.lk වෙබ් අඩවියට හිමිවිය.
 
 
image 64cd9d2495
 
ලංකාදීප වෙබ් ප්‍රවෘත්ති කර්තෘ අරුණ ශාන්ත මහතා මෙහිදී සම්මානය ලබාගත් අතර ලංකාදීප ඩිජිටල් මාධ්‍ය මෙහෙයුම් ප්‍රධානී ලංකා ප්‍රදීප් සහ මෘදුකාංග ඉංජිනේරු සහ වෙබ් අඩවි ප්‍රකාශන කළමනාකාර ඉෂාන් ප්‍රනාන්දු යන  අය මෙහි වෙති.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්