ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය ජයගත් පසුගිය ශූරයින් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආජන්ටිනාවට

එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබීය.


ඒ දෙවන අවසන් පූර්ව තරගය 2ට 0ක් ලෙස මොරොක්කෝව පරාජයට පත් කරමිනි.


තරගය ආරම්භයේදීම ප්‍රංශය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට theo hernández සමත්විය.


තරගයේ 5වන මිනිත්තුවේදී ඔහු එල්ලකළ සුපිරි ප්‍රහාරය මොරොක්කෝ දැල් රකින්නා පසුකරමින් ගෝලයක් බවට පත්විය.


අනතුරුව තරගයේ පළමු අර්ධය නිමවනතුරු දෙපාර්ශවයම පාපන්දු පිටිය උණුසුම් කරමින් තරගවැදුනද එය ගෝලයක් ලබාගැනීමට ප්‍රමාණවත් නොවීය.  


ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවූයේ 1ට 0ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගෙනය.


දෙවන අර්ධයේදී යළි ක්‍රියාත්මක වූ ප්‍රබල ප්‍රංශ ක්‍රීඩකයින් තවත් ගෝලයක් සිය රට ඉදිරියේ සටහන් කිරීමට සමත්විය.


Randal Kolo Muani විසින් තරගයේ 79 වන මිනිත්තුවේදී එම ගෝලය වාර්තා කළේය.


ඒ අනුව එළඹෙන ඉරිදා (18) මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ප්‍රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙනු ඇති.


ආජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 6වන වරටය. මීට පෙර 5වරක් ඔවුන් ලෝක කුසලාන අවසන් මහා තරගවල‍ට සුදුසුකම් ලබා ඉන් දෙවරක් ලෝක ශූරයන් වී ඇති අතර තෙවරක් අනුශුරයින් වී තිබේ.


ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයක් සඳහා සුදුසුකම් ලබාගත්තේ 4වන වරටය. මීට පෙර තුන් වරක් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගවල‍ට සුදුසුකම් ලබා ඉන් දෙවරක් ලෝක ශූරයන් වී ඇති අතර එක් වරක් අනුශුරයින් වී තිබේ.


(adaderana.lk)




worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්