ශ්‍රී ලාංකේය සිනමාවේ සහ වේදිකා නාට්‍ය කලාවේ පෝෂණය වෙනුවෙන් අඩසියවසකට අධික කාලයක් කැපවූ ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවාණන් වෙත

උත්තමාචාර දැක්වීමේ උත්සවයක් 2022 දෙසැම්බර් 21 වන දින සවස 3.00ට කොළඹ ජාතික චිත්‍රපටි සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 

ශ්‍රී ලංකාවේ කලා ‍ක්ෂේත්‍රය පෝෂණය කිරීමටත් ඒ තුළින් ජනවාර්ගික සහජීවනය ඇතිකිරීමට දායකත්වය දැක්වීමේ විශිෂ්ට සේවාවට පිදෙන උපහාර දැක්වීමක් ලෙස 2022 අප්‍රේල් 27 එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී විශේෂ ගෞරව සම්මාන පදක්කමක් ධර්මසිරි බණ්ඩාරනායක නාමය වෙනුවෙන් පිරිනැමුණු අතර, 2022 දෙසැම්බර් 16 වෙනි දින පැවැත්වෙන රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී ‍ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවාණන් විසින් ශ්‍රී ලාංකේය කලා ‍ක්ෂේත්‍රයට දැක්වූ උත්තුංග කාර්යයට දක්වන උපහාරයක් ලෙස එතුමන් ආචාර්ය උපාධියකින් පුදනු ලැබීමටද නියමිතව ඇත.

 

දේශීයව මෙන්ම විදේශීයවද මෙලෙස ගෞරවාදරයට පාත්‍ර වීම ප්‍රමුඛ කොට ගනිමින් උත්තමාචාර දැක්වීමේ උත්සවය සංවිධානය කෙරෙන අතර උත්සවය අවසානයේදී ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවාණන් නිර්මාණය කළ තුන්වෙනි යාමය චිත්‍රපටය පුදර්ශණය කිරීමටත් නියමිතව ඇත.

 

EVENT POSTER

 

ප්‍රධාන දෙසුම් මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්ය එස්. මෞනගුරු විසින් සිදුකරනු ලබයි.

 

සංගීත වෘන්දය නවරත්න ගමගේ සිදුකරන අතර ආමන්ත්‍රණය අරුන් ඩයස් බණ්ඩාරනායකගෙනි.

 

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්සත් රාජධානියේ, මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ, ජීව විද්‍යා, වෛද්‍ය විද්‍යා සහ සෞඛ්‍ය විද්‍යා පීඨයේ නියෝජ්‍ය පීඨාධිපති මහාචාර්ය මහේසන් නිර්මලන් සහභාගී වීමට නියමිතයි.

 

INVITATION


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්