භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ හිටපු සභාපති සෙනරත් හේවගේ මංජුල ප්‍රසාද් ට එරෙහි පුවත් විනාශනය වාරණය කරමින් සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (පුද්ගලික) සමාගමේ ‘හිරු ටී.වී
නාළිකාවට’ සහ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව 2022 දෙසැම්බර් මස 29 වැනි දින දක්වා බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් අද (15) දින නිකුත් කළාය.
පැමිණිකරු වෙනුවෙන් නීතිඥ බුද්ධික ගමගේ ගේ උපදෙස් මත නීතිඥ රංගන වර්ණසිංහ, ඉමාස් ඉමිතියාස්, තරිදු රාජකරුණා සමග ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනී සිටියේය.
මෙහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැමිණිලිකාර පාර්ශ්වය කියා සිටියේ ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (පුද්ගලික) සමාගමට අයත් හිරු ටී.වී නාළිකාව ඇතුළු එකී ආයතනයට අනුබද්ධික මාධ්‍ය නාළිකා මගින් තම සේවාදායකයාට එරෙහිව අපසාත්මක, ද්වේෂසහගත හා / හෝ සාවද්‍ය තොරතුරු පසුගිය ඔක්තෝබර් 29 වැනි දින සිට දෙසැම්බර් මස 04 වැනි දින දක්වා දිනකට දෙතුන් වරකට නොවැඩි වාර ගණනක් විකාශනය කළ බවයි.
මෙමගින් තම සේවාදායකයාගේ කීර්තිය හා වෘත්තීය ගරුත්වයට හානි සිදුවන බව පෙන්වා දුන් පැමිණිකාර පාර්ශ්වයේ නීතිඥයින් තම සේවාදායකයාට සිදු වූ අගතිය වෙනුවෙන් වගඋත්තරකාර සමාගමෙන් රුපියල් මිලියන 500ක් සහ පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ගෙන් රුපියල් මිලියන 500ක් ද වශයෙන් වන්දියක් ලබා දෙන මෙන් ද අධිකරණයෙන් ඉල්ලීමක් කළහ.
අදාළ කරුණු සලකා බැලූ ගරු කොළඹ දිසා විනිසුරු තැන්පත් පූර්ණිමා පරණගම විසින් වගඋත්තරකාර සීමාසහිත ඒෂියා බ්‍රෝඩ්කාස්ටින් කෝපරේෂන් (පුද්ගලික) සමාගමේ ‘හිරු ටී.වී නාළිකාවට සහ පූජ්‍ය ආනන්ද සාගර හිමියන්ට එරෙහිව දින 14ක් බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගය නිකුත් කළාය.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න