කාන්තාවන්ට සිදුවන ලිංගික අඩත්තේට්ටම් සහ ලිංගික අල්ලස් දණ්ඩ නීති සංග්‍රහයේ (345) සංශෝධනයෙන් සාපරාධි වරදක් බවට පත් කිරීම සඳහා  අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් අමාත්‍ය

මණ්ඩලයට පසුගිය දා ඉදිරිපත් කල කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.

මෙරට ජන සමාජයේ දීර්ඝ කාලයක් තිස්සේ මහජන ගැටළුවක් ලෙස සංවාදයට ලක්වූ කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන ලිංගික අඩත්තේට්ටම් සහ ලිංගික අල්ලස් පිළිබඳව දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය යටතේ මෙතෙක් අපරාධ වරදක් ලෙස සැලකුවද, එකී වරද දිගින් දිගටම සිදු වීම හේතුවෙන් කාන්තාවන්ගේ නිදහස සහ සුරක්ෂිතභාවය සැලකිල්ලට ගෙන අධිකරණ අමාත්‍යාංශය දණ්ඩ නීති සංග්‍රහයේ 345 සංශෝධනයට ලක් කරමින් එකී වරද සාපරාධී වරදක් ලෙස නම් කර දැඩි දඩුවම් ලබා දීම පිණිස නීති කෙටුම්පත් කිරීම සඳහා එසේ කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හා කාන්තා ප්‍රඥප්තියෙන් ද කාන්තාවගේ නිදහස හා අයිතිවාසිකම් සුරක්ෂිත කර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ශක්තිමත් කිරීම සඳහා රජයක් ලෙස පියවර ගණනාවක් ගෙන ඇති නමුත් දීර්ඝ කාලයක් මුළුල්ලේ කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික අඩත්තේට්ටම් සහ ලිංගික අල්ලස් පිළිබඳව තොරතුරු සමාජය තුල දැඩි සංවාදයට ලක්වී ඇති අවස්ථාවක එක්සත් ජාතින්ගේ සංවිධානය සහ ස්වේච්ඡා සංවිධානවලින් ද සිදු කරන ලද සමීක්ෂණ හා අධ්‍යයන වාර්තා වලින් ද සනාථ කර ඇති පරිදි පොදු ප්‍රවාහන සේවා ඇතුළු කටයුතු වලදී කාන්තාවන්ගෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් කුමන හෝ ලිංගික අඩත්තේට්ටමකටම ගොදුරු වන බව හඳුනා ගෙන තිබේ.

කාන්තාවන්ගේ නිදහස සහ අභිමානය පිළිබඳව සෘජුව බලපාන සමාජ ගැටළුවක් ලෙස මෙය සලකා අධිකරණ අමාත්‍යංශය දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියේ අපරාධ වරදක් ලෙස මෙතෙක් පැවති එකී වරද සාපරාධි වරදක් ලෙස හඳුන්වා දෙමින් මෙම සමාජ ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීම උදෙසා මෙම සංශෝධනයේ සිදු කිරීම් මූලික අරමුණ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අවධාරණය කළේය.

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්