ප්‍රංශ-කැනේඩියානු ගායිකා සෙලීන් ඩියෝන්, ගණනින් මිලියන 5.2ක් පමණ වන ඇගේ Instagram අනුගාමිකයින්ට

පවසා තිබෙන්නේ, ඇයට ස්ටිෆ් පර්සන් සින්ඩ්‍රෝම් (SPS) නම් රෝගය වැළඳී ඇතැ යි හඳුනාගෙන ඇතිබව යි.

එම රෝගය නිසා, ඇගේ මාංශ පේශීවල පාලනය කළ නොහැකි අන්දමේ ගැස්මක් ඇතිවෙයි.

රෝගය නිසා ඇවිදීම සහ ගායනා කිරීම ද දුෂ්කර වී ඇති අතර, එම නිසා, ලබන වසරේ එක්සත් රාජධානියේ සහ යුරෝපයේ පැවැත්වීමට සැලසුම්කර තිබූ ප්‍රසංගයන්හි ගායනා කිරීමට ඇයට නොහැකිවනු ඇතිබව ඇය පැවසුවා ය.
 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්