මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තවත් වසරක පමණ කාලයක් ගතවනු ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.
එහි අධ්යක්ෂ ආර්ථික විශේෂඥ ආචාර්ය නිශාන් ද මෙල් 'නෙත් නිවුස්' කළ විමසීමකදී පැවසුවේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මන්දගාමීව කටයුතු කිරීම ඊට හේතුව බවයි.
මේ හේතුවෙන් මෙරට ආර්ථිකය ගොඩගැනීමට ඇති හැකියාවද තවත් දුර්වල වන බව ඔහු පෙන්වා දෙයි.
මෙරට ආර්ථිකය කඩාවැටීමට බලපෑ හේතු සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී පැහැදිලි කළේය.
පවතින ගැටලුවලට විසදුම් සෙවීමට හැකියාවෙන් සහ දැනුමෙන් යුත් කණ්ඩායමක් නොමැතිවීම ද බරපතල ගැටළුවක් බව වෙරිටේ රිසර්ච් ආයතනයේ අධ්යක්ෂ, ආර්ථික විශේෂඥ, ආචාර්ය නිශාන් ද මෙල් වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක විස්තීරණ මූල්‍ය සහනය මෙම මාසය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලබා දීමට අවස්ථාව නොලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවය එහිදී පෙන්වා දී තිබිණ.
මෙවන් පසුබිමක ලබන වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 05 ක ණය මුදලක් බහු පාර්ශවික නියෝජිත ආයතන විසින් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසා තිබේ.
ලබන වසරේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් අමෙරිකානු ඩොලර් බිලියන 03 ක මුදලක් රැස් කර ගැනීම ශ්‍රී ලංකා රජයේ අරමුණයි.
සබැඳි පුවත් :
IMF ණය ගැන ආණ්ඩුව කියන්නේ බොරු - ගම්මන්පිල
IMF යනවා වෙනුවට ණය නොගෙවා ඉන්න පුළුවන් - මහාචාර්ය අර්ජුන පරාක්‍රම
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න