theleaderlk 01

ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් ගේ ඝාතනය සම්බන්ධයෙන් නම් දැරූ හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයකු සොයා අපරාධ

පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම දෙපාර්තුමේන්තුව උසස් නිළධාරියෙක් පැවසීය.


මෙම පුද්ගලයා සහ දිනේෂ් ශාෆ්ටර් අතර රුපියල් කෝටි 138 ක ගණුදෙනුවක් සිදු වී ඇති බවත්, එම මුදල නොගෙවීම සම්බන්ධයෙන් මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස පොලිසිය සොයන පුද්ගලයා මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් එම නිලධාරියා කීය.


මෙම ඝාතනය කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බව බැලූ බැල්මට පෙනෙන බවත්, දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්ත තුළදී වාහනයේදීම ඝාතනය කර ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය.


දිනේෂ් ශාෆ්ටර්ගේ කාර් රථය කාසල් රෝහල දෙසින් ඇති පිවිසුමෙන් කනත්ත තුළට ඇතුල් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බව ද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


බොරැල්ල සුසාන භූමිය තුළදී ගෙළ සිර වන සේ පිරිසකගේ වධහිංසාවට ලක් වී සිටි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (දෙසැ. 15) රාත්‍රී අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 51 හැවිරිදි වියේ පසුවිය.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

නවතම පුවත්