සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් එම පක්ෂයේ
නියෝජ්‍ය ජාතික සංවිධායක ලෙස පත්කර ඇත. ඊට අදාල පත්වීමේ ලිපිය අද (16) බාර දී ඇත.
සමගි ජන බලවේගය ජනතාව අතරට ගෙනයාම සඳහා පසුගිය සමයේ මරික්කාර් මන්ත්‍රීවරයා විසින් දක්වන ලද සුවිශේෂී කැපවීම සැලකිල්ලට ගෙන එම පත්වීම ලබාදීමට විපක්ෂ නායකයා කටයුතු කර තිබේ.
සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, එහිදී විශේෂයෙන්ම සැලකිල්ලට ගෙන ඇත්තේ, පසුගිය ඉරිදා පැවති සජබ සංවත්සර සමුළුව මේ මොහොතේ කළහැකි දෙයක් නොවනබවට පක්ෂයේම ඇතැම් නායකයින් පවසද්දී, මරික්කාර් මන්ත්‍රීවරයා එම අභියෝගය බාරගෙන සාර්ථක සමුළුවක් බොරැල්ල කැම්බල් පිටියේදී සංවිධානය කිරීමට දැක්වූ දායකත්වයයි.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න