ඔස්ට්‍රේලියා බිග් බෑෂ් තරගාවලියේ තවත් තරගයක් සිඩ්නි තන්ඩර්ස් (Sydney Thunder)
සහ ඇඩිලේඩ් ස්ට්‍රිකර්ස් (Adelaide Strikers) කණ්ඩායම් අතර ඊයේ (16) සිඩ්නි හිදී පැවැත්වුණි.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 139ක් රැස්කළේය.
නමුත් ඊට පිළිතුරු ලෙස සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම රැස්කළේ ලකුණු 15ක් පමණි.
එය බිග් බෑෂ් තරගාවලියක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්විය.
එය පිරිමි 20යි 20 තරගයක කෙටිම ඉනිම ලෙසද ලෝක වාර්තාවක් තැබීය.
සිඩ්නි පිතිකරුවන් මුහුණ දුන්නේ පන්දු ඕවර 5.5කට පමණි.
මෙම කණ්ඩායමට ලොව ප්‍රභල ක්‍රීඩකයින් වන එංගලන්තයේ ඇලෙක්ස් හේල්ස්, දකුණු අප්‍රිකාවේ රයිලි රොසෝව් සහ ඕස්ට්‍රේලියාවේ ඩැනියල් සෑම්ස් ද ඇතුලත්ව සිටීම විශේෂත්වයකි.
පන්දු යැවීමේදී ඇඩිලේඩ් කණ්ඩායමේ හෙන්ඩි තෝට්න් ලකුණු 03 කට කඬුලු 05 ක් බිඳ හෙළිය.
මුලාශ්‍රය :
Big Bash League: Sydney Thunder bowled out for 15 by Adelaide Strikers
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න