බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකදී පුද්ගලයින් 75 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.



පොලීසිය පැවසුවේ පාසල් 122ක් ආශ්‍රිතව සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

එහිදී මාවා කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 148ක්, හෙරොයින් ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 375ක්, අයිස් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 522ක් සහ මත්පෙති 10ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ‍්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව අදාළ මෙහෙයුම් සිදුකර ඇති අතර බස්නාහිර පළාතේ පාසල් ඉලක්ක කරගනිමින් ඉදිරියටත් වැටලීම් සිදුකරන බව පොලිස් හදිසි ඇමතුම් අංශය පැවසීය.



'සමාජ පිළිල ඉවත් කරන්න' - පොලිස් ඇමතිගෙන් නියෝගයක්
 

 
පාතාලයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සමස්ත සමාජයටම බරක් වී ඇති බැවින් ඊට අදාල අපරාධකරුවන් සමාජයෙන් ඉවත් කිරීමට වහාම කටයුතු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ඊයේ නියෝග කර තිබිණ.

ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ කුරිරු සහ අභිරහස් ඝාතනය මෙන්ම මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශන වල ප්‍රගතිය විමසා බැලීම සඳහා ඊයේ  (16) දින පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අමාත්‍යංශය වෙත කැඳවා තිබු අමාත්‍යවරයා, මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි ඔවුනට අණ දී ඇත.



අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ දිනවල මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පලවන වාර්තා සම්බන්ධයෙන් ඇතැම් සමාජ ක්‍රියාකාරීන් නොසතුට පළකර ඇත.''ඔය කැම්පේන් එකෙන් අයිස් වලට හොඳ ප්‍රචාරයක් ලැබුන ... දැන් අයිස් කියන එක නොදැන හිටපු පොඩි අය ගොඩක් අයිස් ගැන දන්නව.. එයාල ඒව Google හරහා හොයනව ...එතකොට තව ගොඩක් දේවල් දැන ගන්නව ... නැති ප්‍රශ්න ගොඩක් හැදෙනව ..'' 




කෙසේවුවද ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති # lanka change makers සංවිධානයේ ප්‍රකාශක, සාහිත්‍යවේදී චමින්ද ගුණසිංහ සිය ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.

cm''අයිස් කියන්නේ කාගේ හ‍රි කැම්පේන් එකක්ද නැද්ද කියන එකට වැඩිය ,
මේ මොහොතේ වැදගත් සමාජයේ අයිස් තියනවද නැද්ද කියන එක..

ඔව්,.... හැමතැනම බඩු තියනවා..

එහෙමනම් ඒක මර්දනය කරන්න පහළ ඉඳලා ඉහලට හෝ ඉහල ඉඳලා පහලට කෙරෙන ඕනෑම මට්ටමේ වැඩකට අපි අත් දෙකම උස්සනවා...

"ඉස්සරවෙලා ලොකු එවුන් අල්ලමු "

වගේ ඒවා හොඳ සටන්පාට බව ඇත්ත..
නමුත් මේක අද ලෝකෙම ගිලගත්ත ව්‍යසනයක් හින්ද කවුරු හරි කරන පුංචි ම දේකට උනත් උදැල්ල නොදා ඉන්නවනම් හොදයි..

අයිස් පොලිටිකල් කැම්පේන් එකක් නම් ඒකට අහු නොවී ඉන්න එක පුරවැසිය අතේ තියන වැඩක්...ඒක චන්දෙ වෙලවට බලාගමු..''
 


 'වරදකාරයින් පාසල් ළමුන් නෙවෙයි' - කුසල් පෙරේරා 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රකට සමාජ ක්‍රියාකාරික හා ප්‍රවීන මාධ්‍යවේදී කුසල් පෙරේරා පවසන්නේ, පොලිසිය දමාගෙන ආණ්ඩුව ළමුන්ට කරන අපහාසයට, හිරිහැරයට විරුද්ධ විය යුතු බවයි. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකරමින් ඔහු මෙසේ පවසයි.



kusal''මේ දෙගුරුන්ටයි ගුරු හා විදුහල්පති සංගම් අයිතිකාරයින්ටයි කියන්නෙ. පොලිසියෙන් ළමුන්ගෙ බෑග් අවුස්සන, ඉණ අතපත ගාන වැඩේට වහා විරුද්ධ වන්න. වහා කියන්නේ, වහාම.  මත්ද්‍රව්‍ය බිස්නස්කාරයින් හොයන්නෙ නැතුව මේ ළමුන් හෑල්ලු කරන, ළමුන්ට අවමන් කරන හිරිහැර කරන අනවශ්‍ය වැඩක්. මෙය වහාම නතර කරන්න කියලා, ආණ්ඩුවට ඇහෙන්න දැනෙන්න වහාම කියන්න.'' - කුසල් පෙරේරා




මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට අත නොතියා මේ කරන්නේ ළමුන් බිය වැද්දීමක්. ජනතාව රැවටීමක්.

ඒ නිසා මේ මහා ප්‍රෝඩාවට විරුද්ධව දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ ගෞරවය වෙනුවෙන් වහා හඬ නැගිය යුතුයි.

ගුරුවරුන් විදුහල්පතිවරුන් තමන්ගේ පාසලේ දරුවන්ගේ වගකීම බාරගෙන, පොලිසිය දමාගෙන ආණ්ඩුව ළමුන්ට කරන අපහාසයට, හිරිහැරයට විරුද්ධ විය යුතුයි.

පොලීසිය තමන්ගේ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් කවුරුන්ද කියලා දන්නෙ නැත්තං, ඒකට වරදකාරයින් පාසල් ළමුන් නෙවෙයි.

පොලිසියට වහාම තමන්ගේ බල ප්‍රදේශයේ ජාවාරම්කාරයින් හොයන්න කියන්න.

කුසල්
2022 දෙසැම්බර 17
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්